mercoledì 29 dicembre 2010

අපි ඇමෙරිකාව සමඟ සියළු සම්බන්ධතා අත් හරිනවා - චාවේස්

ඇමෙරිකාව විසින් වැනිසියුලාවේ තනාපති ලෙස සුදුසු පුද්ගලයකු පත් නොකරන්නේ නම් ඇමෙරිකාව සමඟ ඇති තනාපති සම්බන්ධතා අත් හරින බවට වැනිසියුලානු ජනාධිපති යුගෝ චාවෙස් අනතුරු හඟවා සිටියි. ඇමෙරිකාව විසින් වැනිසියුලාවේ අමෙරිකාවේ තනාපති ලෙස පසුගිය ජුනි මාසයේ නම් කර හරි ලැරි පල්මේර් (Lary Palmer) ව භාර ගැනීම වැනිසියුලාව විසින් ප්‍රථික්‍ෂෙප කර තිබිණී.
ඔහු විසින් මතබේදයට තුඩු දෙන්නා වූ ප්‍රකාශ වැනිසියුලාවට එරෙහිව කර තිබීම මෙම පත්වීම අනුමත නොකිරීමට හේතු වූ බව වැනිසියුලාවනු ජනාධිපති විසින් කියා ඇත.
වැනිසියුලා ජනාධිපති හූගෝ චාවෙස්
වැනිසියුලාව විසින් කොලොම්බියානු ආයුධ සන්නද්ධ පිරිස් වලට රැකවරණය ලබා දෙන බවත් වැනිසියුලානු ජනාධිපතිගෙන් සමන්විත තුන් දෙනෙකු විසින් මෙහෙයවන කණ්ඩායමක් කොලොම්බියානු ආයුධ සන්නද්ධ පිරිස් වලට ආයුධ ලබා දෙමින් මත්ද්‍රව්‍ය හොර ජාවාරම් සඳහා උපකාර කරන බවට ලැරි පල්මේර් විසින් මීට ඉහත කිහිප වතාවක දීම ප්‍රකාශ කර ඇත.
පසුව ඇමෙරිකාව විසින් ද මෙතෙක් වෙනත් පුද්ගලයකු නම් කර නොතිබුණු අතර මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඇමෙරිකාව සමඟ තිබෙන්නා වූ සියළුම සම්බන්ධතා අත් හැර දැමීමට සිදුවන බව හුගෝ චාවේස් විසින් පසුගිය දා එරට රුපවාහිනිය ඔස්සේ සාකච්චාවක් පවත්වමිනි බවසා ඇත.
මීට පෙර වැනිසියුලාවේ ඇමෙරිකානු තානාපතිව සිටි පැට්‍රික් ඩුඩ්ඩි (Patrick Duddy) ගේ නිල කාලය පසුගිය ජුනි මාසයේ දී අවසන් වීමෙන් පසු ඇමෙරිකාව විසින් වැනිසියුලියානු තනාපති ලෙස නිසි පුද්ගලයකු පත් නොකළ බව චාවෙස් විසින් ඇමෙරිකාවට චෝදනා කරමින් ඉහත සාකච්චාවේ දී අදහස් දක්වා ඇති අතර ඇමෙරිකාවට අවශ්‍යයව ඇත්තේ අපි සමඟ සම්බන්ධතා නතර කර දැමීමේ උවමනාවක් නම් අපට ද එය එසේ වනවානම් හොඳ යැයි ද පවසා ඇත. යම් තානාපතිවරයෙකු ඔහු පැමිනෙන රටේ ගෞරවයට හානිවන ආකාරයෙන් ක්‍රියා නෙකළ යුතු බවද ඉහත රුපවාහිනි සාකච්චාවේ දී චාවෙස් විසින් පැවසු බව ඇ.ප්‍රේ (AP) වෙබ් අඩඩවිය සඳහන් කර සිටියි.
වැනසියුලියාවේ ප්‍රධාන බොරතෙල් ගැණුම්කරු වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදය යි.

Nessun commento:

Posta un commento