-අනාතයෙකුට රජයෙන් ඩොලර් පහක්
පසුගිය සති දෙක පුරා ඕස්ට්‍රේලියාවට ඇඳ හැළුණු දරුණු වැස්ස හේතුවෙන් වතුරෙන් යටව ඇති බිම් ප්‍රමාණය ප්‍රංශය සහ ජර්මනිය එක්ව ගත් බිම් ප්‍රමාණය ද ඉක්මවන බව වාර්තා වේ. ගංවතුරින් සම්පූර්ණයෙන් ම යටව ඇති බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර 7,15,305 ක් වේ. මෙම බිම් ප්‍රමාණය ලංකාව මෙන් 11 ගුණයක් වේ. මේ වන විට ඕස්ට්‍රේලියානු උතුරු, නැගෙනහිර ක්වින්ස්ලෑන්ඩ් (Queensland) ප්‍රාන්තයේ ප්‍රධාන නගර 22 ක් සම්පූර්නයෙන්ම වතුරෙන් යටව ඇත. මෙම ගංවතුර හේතුවෙන් 2,00,000 ක් පමණ පිරිසක් අනාතයන් බවට පත්ව ඇති අතර ඕස්ට්‍රේලියානු රජය විසින් ඇ.ඩෝ. දස ලක්ෂයක් අනාත පිරිස් වෙත සහන සැලසීම සඳහා වෙන් කර ඇති බව සඳහන් වේ. මේ අනුව එක් අනාතයකු වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් වෙන් කර ඇති මුදල ඇ.ඩො. 5 ක් වේ.
මුල් ලිපිය
Nessun commento:
Posta un commento