giovedì 30 dicembre 2010

චීනයේ අන්තර්ජාල ග‍්‍රාහකයන් ප‍්‍රමාණය කෝටි 45 යි

මෙම වසරේ නොවැම්බර් මාසය වන විට චීනයේ අන්තර්ජාල භ්‍රාහක සංඛ්‍යාව 45 න් කෝටිය ඉක්මවූ බව එරට රාජ්‍යය තොරතුරු කාර්යාලයේ ප්‍රකාශකයකු වන වන්ග් චෙන් (Wang Chen) මහතා ප්‍රකාශ කර සිටියි. මෙම තත්ත්වය පසුගිය වසරට වඩා 20.3% ක වැඩිවීමක් වන අතර මුළු චීන ජනග්‍රහානයෙන් 33.9% ක ප්‍රතිශතයකි. මේ අනුව අන්තර්ජාලය භාවිතා කරන ලෝක ග්‍රාහක ප්‍රමාණයෙන් 30% ක ප්‍රමාණයක් වෙසෙන රට බවට චීනය පත්ව ඇත. මෙම තොරතුරු වලට අනුව තනි රටක් ලෙස ගත් කළ ලෝකයේ විශාලතම අන්තර්ජාල ග්‍රාහකයන් ප්‍රමාණයක් සිටින රට බවට ද චීන‍ය පත්ව ඇත. පසුගිය ජූනි මාසය වන විට මෙම ප්‍රමාණය කෝටි 42 ක්ව පැවති අතර පසුගිය ජූලී සිට නොවැම්බර් දක්වා වූ මාස 5 ක කාලය තුළ පමනක් ග්‍රාහකයන් සංඛ්‍යාව ලක්‍ෂ 300 කින් ඉහළ ගොස් ඇත.
1994 වර්ෂයේ දී චීන රජය විසින් චීන ජනතාව වෙත අන්තර්ජාල භාවිතය අනුමත කිරීමෙන් පසුව චීන ජනතාව තුළ අන්තර්ජාල භාවිතයට විශාල ඉල්ලුමක් ඇති වූ බව පවසන වනග් චෙන් මහතා මීට සමගාමීව පරිගනක වෛරස්, පරිගනක හැකර් කරන පුද්ගලයන් මෙන්ම කාමුක වෙබ් අඩවි වලට ඇඳීයන ජනතාවද ඉහළ ගිය බව පවසයි.
ඒ මහතාට අනුව චීන රජය විසින් මෙම වසරේ පළමු මාස 11 තුළ දී පමණක් කාමුක වෙබ් අඩවි 60,000 ක් පමණ වසා දමා ඇති අතර 2009 දෙසැම්බර් මස සිට මේ දක්වා වූ කාලය තුළ දරුණු ගණ‍යේ අන්තරජාල අපරාධ 2,197 ක් සිදු වී ඇත. 58 දෙනෙකුට වසර 5 කට වැඩි සිරදඬුවම් ලබා දී ඇත.

Nessun commento:

Posta un commento