අන්තර්ජාල නෙට්ක්රාෆ්ට් මාන්තුකරණයට (Netcraft Monitoring) අනුව පසුගිය 12වන දින ග්රනිච් වේලාවෙන් 21:15 ට පමණ නන්නාදුනන විකිලික්ස් ආධාරකරුවන් පිරිසක් විසින් දැවැන්ත DDoS ප්රහාරයක් ඩුබ්ලින් සිට අන්තර්ජාලය වෙත මුදාහරින ඇමසන් (Amazon) වෙබ් අඩවි වෙත එල්ල කර ඇත. මෙම ප්රහාරය හේතුවෙන් .it, .de, .uk, .fr සහ .at යන ලෙසින් අවසන් වන ඔවුන්ගේ Amazon ඩොමියන් සහිත වෙබ් අඩවි සියල්ලම පාහේ පැය භාගයක පමණ කාලයකට අඩ පණ වී ඇත බව ඉහත මාන්තුකරණය පිළිබඳව ඇති ව්විටරයකට (Twitter) අනුව වැඩිදුරටත් සඳහන් වේ. ඇමසන් වෙබ් අඩවි විසින් මෙම මස පළමුවෙනි දා සිට විකිලික්ස් වෙබ් අඩවියට අයත් දෑ විකිණිම සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා ඇමසන් සමාගම ද විකිලික්ස් ආධාරකරුවන්ගේ උදහසට ලක්ව ඇති බවද සඳහන් වේ.
කෙසේ නමුත් ඉහත ප්රහාරය පිළිබඳව කිසිවක් සඳහන් නොකරන ඇමසන් වෙබ් අඩවිය එම දිනයේ දී ඔවුන්ගේ වෙබ් අඩවි අක්රිය වීමේ හේතුව ලෙස ඔවුන් විසින් දක්වා ඇත්තේ ඔවුන්ගේ Sever හි ද්රෘඩකාංග (Hardware) හි සිදු වූ දුර්වලතාවයක් එයට හේතු වූ බවයි.
මෙම ප්රහාරය එල්ල කළ විකිලික්ස් ආධාරකරුවන් විසින් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති පණිවිඩයක සඳහන් වන්නේ ඔවුගේ මෙම ප්රහාරය නිසා මෙම නත්තල් සමයේ ඇමසන් වෙබ් අඩවියෙහි ලභාංශය ඉතා පහළ තත්ත්වයකට පත් විය හැකි බවයි. ඇමසන් වෙබ් අඩවි හරහා මිලදී ගන්නන් මෙවැනි දෑ නිසා අධර්යට පත් විය හැකි බව බීබීසි වෙබ් අඩවියේ නවතම ලිපියක ද සඳහන් වේ. තවද ඊට දින දෙකකට පෙර (11-12-2010 දින) නෙට්ක්රාෆ්ට් මාන්තුකරණයකට (Netcraft Monitoring) අනුව නන්නාදුනන පිරිසක් විසින් දැවැන්ත DDoS ප්රහාරයක් දෙවෙනි වරටත් මාර්ටර් කාඩ් වෙබ් අඩවිය වෙත එල්ල කර ඇත.

Nessun commento:
Posta un commento