martedì 28 dicembre 2010

ඉරානය විසින් රාජ්‍යය වීරෝධීන් දෙදෙනකු එල්ලා මරලා

vmvmdhmh
ත්‍රස්තවාදී මොජාහේඩීන්-ඒ කාහාලොක් සංවිධානයේ (Mojaehdin-e Khaloq Organization, MKO) සමාජික ඉරාන ජාතික (1) අලි සරේමි (Ali Saremi) සහා මෝසාඩ් (Mossad) සංවිධානයට ඉරානයේ රහසිගත තොරතුරු සැපයු (2) අලි අක්බාර් සියාදත් (Ali Akbar Siadat) යන දෙදෙනාව ටෙහෙරාන් හී එවින් සිර කඳවුරේ (Evin Prison) දී අද දින (28) එල්ලා මරා දමා ඇත.
ඉරාන ටෙහෙරාන් තොරතුරු සහා ජන සංනිවේදන ආයතනයේ නිළධාරීයෙකු විසින් එහි වෙබ් අඩවියට පැහැඳිළි කිරීමක් එක් කරමින් "ඔවුන්ට එල්ල වී ඇති චෝදනා සියල්ලටම වරද කරුවන් වීම නිසා ඉරානයේ පවතින මුස්ලිම් අපරාධ නීතිය අනුව මෙම දඬුවම් ක්‍රියාත්මක කළ බව" දන්වා සිටියි.
එම රජයේ වෙබ් අඩවියට අනුව (1) අලි සරේමි හට එල්ල වී ඇති චෝදනා අතර ඉරාන ශූද්ධ වූ ස්ලාම් ජනරජයට විරුද්ධව සාපරාධි ප්‍රචාරාත්මක ක්‍රියාවන් හී නිරත වීම සහා ඔහුගේ ක්‍රියාකලාපය එයට බල පා ඇත.
1983 ශීත සමයේ දී MKO ත්‍රස්ත සංවිධානයට එක්ව එම සංවිධානයට ආධාර කිරීමේ චෝදනාව යටතේ ඔහුව පළමු වරට අත් අඩංගුවට ගෙන ඇති අතර එහිදි පැවැත් වූ නඩු විභාගයෙන් ඔහු ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඔහුට එල්ල වූ චෝදනා වලට වරද කර කරමින් පස් අවුරුද්දකට අත්හිටවූ තුන් අවුරුදු සිර දඩුවමක් ඔහුට නියම කර ඇත.
නැවතත් ඉහත පසු අවුරුදු අත් හිටවූ සිර දඬුවම් හී කාලය ඉක්ම යාමෙන් පසුව 1989 වරෂයේ දී නැවතත් ඉහත චෝදනා යටතේ ඔහුව අත් අඩංගුවට පත්ව ඇති අතර එහි දි ඔහුට මරණ දඬුවම හිමි වී ඇත. එහිදී ඔහු විසින් ඉහත මරණ දඬුවමට එරෙහිව ගොණු කළ අභියාචනාව සලකා බැලු අභියාචනාධිකරණය විසින් එම දඬුව දස වසරක සිරි දඬුවමක් දක්වා ලිහිල් කර ඇත.
එල්ලා මරා දැමු 62 ‍දි (1) අලි සරේමි (Ali Saremi)
නැවතත් 2002 වසරේ දී ඔහු MKO ත්‍රස්තවාදී සංවිධානයේ සමාජික‍යකු සමඟ ඉරාකයේ අශ්රාෆ් MKO කඳවුරෙහි (Ashraf MKO Camp) සංචාරය කරමින් ඉරානය තුළ ත්‍රස්ත කටයුතු සිදු කිරීමේ නවීන ක්‍රමවේදයන් හදාරමින් නවීන යුද්ධෝපාංග පිළිබඳව පුහුණුවක් ද ලබා ඇත. එම පුහුණුවෙන් පසු නැවතත් ඉරානයට පැමිණී ඔහු සිරගතව සිටින MKO ත්‍රස්ත සංවිධානයෙහි සිරකුරුවන් ඒකරාශී කරමින් 'ආර්යන්ගේ මවුබිම' (Sarzamin-e Ariya'ie) යන සඟරාව මුද්‍රණය කර බෙදා හැර ඇත. මෙම කටයුතු සඳහා ඔහුගේ බැංකු ගිණුමට MKO ත්‍රස්ත සංවිධානය විසින් මුදල් බැර කර ඇති බව ද සාක්‍ෂි සහිතව හෙළි වී ඇත.
නැවතත් මෙම කාල වාකවානුව තුළ ඔහුගේ මුද්‍රණාය තුළ දී MKO ත්‍රස්තවාදී නායකයන්ගේ පොස්ටර මුද්‍රණය කර ඉහත සඟරාවෙහි අතිරේක ලෙස ප්‍රසිද්ධියේම බෙදා හැරිමින් ද ත්‍රස්තවාදී දේශන ඇතුලත් විඩියෝ පට MKO රුපවාහිණි නාලිකාව හරහා විකාශය කරමින්ද MKO සංවිධානයට නව සාමාජිකයන් බදාවා ගනිමින් එම නවක සාමාජිකයන් ද ඉරාකයේ පිහිටි අශ්රාෆ් MKO කඳවුරෙහි පුහුණු වීම් කටයුතු සඳහා යොමු කර ඇත.
ඉහත චෝදනා යටතේ (1) අලි සරේමිව ඔහුගේ අනුගාමිකයන් පිරිසක් සමඟ තෙවන වරටත් අත් අඩංගුවට පත්ව ඇත්තේ 2005 වසරේ දීය. එහිදි 31 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ඔහු ඇතුලු ත්‍රස්තවාදීන් පිරිසකට සය අවුරුදු සිර දඩුවමක් නියම වී ඇති අතර පසුව එම තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනාවය විභාග කළ විනිසුරු මඬුල්ල විසින් එම දඬුවම වසරක් දක්වා අඩු කරන ලදී.
අවාසාන වරට ඔහුව අත් අඩංගුවට පත්ව ඇත්තේ 2007 වසරේ ග්‍රීශ්ම ශූතුවේදී වන අතර එහි දී ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ රාජ්‍යය විරෝධී ත්‍රස්තවාදී සංවිධානයකට ත්‍රස්තවාදී දේශන ඇතුලත් සීඩී පට බෙදා හැරීම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඇතුළත් චිත්‍රපට බෙදා හැරීම, ත්‍රස්තවාදී ප්‍රචාරක පෝස්ටර් බෙදා හැරීම සහා ත්‍රස්තවාදී කටයුතු සඳහා පිරිස් එකතු කරමින් දේශන පැවැත්වීම සඳහා ඔහුගේම නිවස යොදා ගැනීම සහා ත්‍රස්තවාදී දේශණ ඇතුලත් පත්‍රිකා බෙදා හැරීම වේ. මෙම පත්‍රිකාවන් වැඩි ප්‍රමානයක් ඔහුගේ අත් අකුරින්ම සම්පාදනය කර ඇති බවද ඔප්පු වී ඇත.
ඔහුට විරුද්ධව විභාග වූ අවසාන නඩුව එය වන අතර එහිදි 15 දෙනෙ‍කුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි ඉරාන ඉස්ලාමීය අපරාධ නීතියේ අංක 47 යටතේ ඇති 186, 190, සහා 191 වගන්ති ප්‍රකාරව ඔහුව වරද කරු කරමින් මරණ දඩුවම පනවා ඇත. මෙම නඩු තීන්දුවට එරෙහිව ඔහු විසින් ගොනු කළ ඔහුගේ අවසාන අභියාචනාව නිශ්ප්‍රභි වී ඇත.
එ අනුව ඔහුව ටෙහෙරාන් හී ඉරාන එවින් සිර කඳවුරේ (Evin Prison) දී අද දින එල්ලා මරා දැමු බව ඉහත වෙබ් අඩවිය සඳහන් කර සිටියි.
තවදුරටත් ඉහත වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට අද දින එල්ලා මරා දමා ඇති අනෙත් පුද්ගලයා වන (2) අලි අක්බාර් සියාදත් (Ali Akbar Siadat) ට එල්ල වී ඇති චෝදනා නම් 2005 වසරේ දී යුදෙව්වන්ගේ පාලනයට (Zionist Regime) ඉරානයේ රජ්‍යය රහස් තොරතුරු මෝසාඩ් (Mossad) සංවිධානය හරහා එහි ඒජන්තයෙකු ලෙස ඉරානය තුළ සිටිමින් ලබා දීමයි.
2005 වසරේ දී ඔහු විසින් ඉරාන ශූද්ධ වූ ස්ලාම් ජනරජයේ අතිශ්‍යය වැදගත් රාජ්‍යය රහස් ප්‍රමාණයක් ඇ.ඩෝ. 60,000 කට ඊශ්රායල් ටෙල් අවිව් (Tel Aviv) නගරයේ පිහිටි මෝසාඩ් සංවාධානයට විකුණා ඇත.
2008 වසරේ අවසාන කාල පාරිච්ඡේදයේ දී ඔහු සහා ඔහුගේ බිරිඳ ඉරානයෙන් පැන යාමට තැත් කරද්දී අත් අඩංකුවට පත්ව ඇත. අත් අඩංගුවට ගෙන කරන ලද පරික්‍ෂණ වලදී ඔහුගේ ජංගම දුරකතනය මඟින් ඊශ්රායල් මෝසාඩ් සංවිධානයේ නිළධාරීන් සමඟ සංවාද පවත්වා ඇති බව තහවුරු කරගෙන ඇත. ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා ඊශ්රායලය සමඟ ගණුදෙනු කරීමේ මුවා‍වෙන් ඉතා කුඩා ඩිගිටල් කැමරාවක් (micro digital camera) ආධාරයෙන් පීන්තූර සහිතව යුදෙව්වන්ට ඔත්තු සපයා ඇති බව තහවුරු වී ඇති බව ඉහත වෙබ් අඩවිය දක්වා සිටියි. තවද ඔහු තුර්කිය, තායිලන්තය සහා ඕලන්දය යන රටවල දී එක් එක් ස්ථානවලදී මෝසාඩ් සංවිධානයේ ඉහල නිළධාරීන් හමුවී සාකඡ්චා කර ඇති බවද තහවුරු කරගෙන ඇත.
මෙම අත් අඩංගුවෙන් පසු ඔහු ඇප මත නිදහස ලබා ඇති අතර පසුව අවසාන වශයෙන් නැවතත් 2009 වසරේදී ඔහුව නැවතත් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහුගේ ගමන් මල්ලෙහි තිබි අතිශයින් රහසිගත තොරතුරු ඇතුලත් පිටු 29 කින් යුත් ලිපිගොනුවක් හමු වී ඇත. මෙම ලිපි ගොනු අතර ඉරාන හමුදා නිළධාරීන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුලත් තොරතුරු, හමුදා මූලස්ථාන වල තොරතුරු, ඉරාන යුඬ ගුවන් යානාවන් හී තොරතුරු, මෙහෙයුම් මධ්‍යස්ථාන වල පිහිටිම් දැක්වෙන තොරතුරු, යුඬ ගුවන් යානා පුහුණු වීම් සඳහා යොදා ගන්නා පුහුණු අභ්‍යාස අයාතන වල තොරතුරු, ආරක්‍ෂක ගුවන් යානා සඳහා යොදා ගන්නා රහසිගත GPS තාක්‍ෂණ ශීල්ප ක්‍රම ඇතුලත් තොරතුරු සහා දැනට ඉරානය තුළ සිදු වී ඇති ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අනතුරු සහා එම ගුවන් යානා අනතුරු වලට හේතු ඇතුළත් ව දැක්වෙන් සවිස්තර තොරතුරු විශාල ප්‍රමාණයක් එම මෙහොතේ එහි තිබි ඇත. මෙම අත් අඩංගුවෙන් පසුව ඔහු විසින් පාපොච්චාරණයක් සිදු කරමින් සෑම විදේශීය සංචාරයක් සඳහාම ඔහුට ඇ.ඩෝ. 3000.ත් 7000 ත් අතර ප්‍රමාණයක් ඔහුට ලැබුණු බව ද සඳහන් කර ඇත.
ඉහත කරුණු සාක්‍ෂි සහිතව ඔප්පු වීම නිසා දෙවන විත්තිකරු ද ඉරාන එවින් සිර කඳවුරේදී (Evin Prison) අද දින (28) එල්ලා මරා දැමු බව ඉහත වෙබ් අඩවිය සඳහන් කර සිටියි.


මුල් ලිපිය

Nessun commento:

Posta un commento