-අනාතයෙකුට රජයෙන් ඩොලර් පහක්
පසුගිය සති දෙක පුරා ඕස්ට්‍රේලියාවට ඇඳ හැළුණු දරුණු වැස්ස හේතුවෙන් වතුරෙන් යටව ඇති බිම් ප්‍රමාණය ප්‍රංශය සහ ජර්මනිය එක්ව ගත් බිම් ප්‍රමාණය ද ඉක්මවන බව වාර්තා වේ. ගංවතුරින් සම්පූර්ණයෙන් ම යටව ඇති බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර 7,15,305 ක් වේ. මෙම බිම් ප්‍රමාණය ලංකාව මෙන් 11 ගුණයක් වේ. මේ වන විට ඕස්ට්‍රේලියානු උතුරු, නැගෙනහිර ක්වින්ස්ලෑන්ඩ් (Queensland) ප්‍රාන්තයේ ප්‍රධාන නගර 22 ක් සම්පූර්නයෙන්ම වතුරෙන් යටව ඇත. මෙම ගංවතුර හේතුවෙන් 2,00,000 ක් පමණ පිරිසක් අනාතයන් බවට පත්ව ඇති අතර ඕස්ට්‍රේලියානු රජය විසින් ඇ.ඩෝ. දස ලක්ෂයක් අනාත පිරිස් වෙත සහන සැලසීම සඳහා වෙන් කර ඇති බව සඳහන් වේ. මේ අනුව එක් අනාතයකු වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් වෙන් කර ඇති මුදල ඇ.ඩො. 5 ක් වේ.
මුල් ලිපිය
venerdì 31 dicembre 2010
giovedì 30 dicembre 2010
ඇමසන් වෙබ් අඩවි වලට විකිලීක්ස් ප්‍රහාරයක්
අන්තර්ජාල නෙට්ක්රාෆ්ට් මාන්තුකරණයට (Netcraft Monitoring) අනුව පසුගිය 12වන දින ග්රනිච් වේලාවෙන් 21:15 ට පමණ නන්නාදුනන විකිලික්ස් ආධාරකරුවන් පිරිසක් විසින් දැවැන්ත DDoS ප්‍රහාරයක් ඩුබ්ලින් සිට අන්තර්ජාලය වෙත මුදාහරින ඇමසන් (Amazon) වෙබ් අඩවි වෙත එල්ල කර ඇත. මෙම ප්‍රහාරය හේතුවෙන් .it, .de, .uk, .fr සහ .at යන ලෙසින් අවසන් වන ඔවුන්ගේ Amazon ඩොමියන් සහිත වෙබ් අඩවි සියල්ලම පාහේ පැය භාගයක පමණ කාලයකට අඩ පණ වී ඇත බව ඉහත මාන්තුකරණය පිළිබඳව ඇති ව්විටරයකට (Twitter) අනුව වැඩිදුරටත් සඳහන් වේ. ඇමසන් වෙබ් අඩවි විසින් මෙම මස පළමුවෙනි දා සිට විකිලික්ස් වෙබ් අඩවියට අයත් දෑ විකිණිම සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා ඇමසන් සමාගම ද විකිලික්ස් ආධාරකරුවන්ගේ උදහසට ලක්ව ඇති බවද සඳහන් වේ.
කෙසේ නමුත් ඉහත ප්‍රහාරය පිළිබඳව කිසිවක් සඳහන් නොකරන ඇමසන් වෙබ් අඩවිය එම දිනයේ දී ඔවුන්ගේ වෙබ් අඩවි අක්‍රිය වීමේ හේතුව ලෙස ඔවුන් විසින් දක්වා ඇත්තේ ඔවුන්ගේ Sever හි ද්‍රෘඩකාංග (Hardware) හි සිදු වූ දුර්වලතාවයක් එයට හේතු වූ බවයි.
මෙම ප්‍රහාරය එල්ල කළ විකිලික්ස් ආධාරකරුවන් විසින් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති පණිවිඩයක සඳහන් වන්නේ ඔවුගේ මෙම ප්‍රහාරය නිසා මෙම නත්තල් සමයේ ඇමසන් වෙබ් අඩවියෙහි ලභාංශය ඉතා පහළ තත්ත්වයකට පත් විය හැකි බවයි. ඇමසන් වෙබ් අඩවි හරහා මිලදී ගන්නන් මෙවැනි දෑ නිසා අධර්යට පත් විය හැකි බව බීබීසි වෙබ් අඩවියේ නවතම ලිපියක ද සඳහන් වේ. තවද ඊට දින දෙකකට පෙර (11-12-2010 දින) නෙට්ක්රාෆ්ට් මාන්තුකරණයකට (Netcraft Monitoring) අනුව නන්නාදුනන පිරිසක් විසින් දැවැන්ත DDoS ප්‍රහාරයක් දෙවෙනි වරටත් මාර්ටර් කාඩ් වෙබ් අඩවිය වෙත එල්ල කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල කළ විකිලික්ස් ආධාරකරුවන් විසින් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති පණිවිඩයක සඳහන් වන්නේ ඔවුගේ මෙම ප්‍රහාරය නිසා මෙම නත්තල් සමයේ ඇමසන් වෙබ් අඩවියෙහි ලභාංශය ඉතා පහළ තත්ත්වයකට පත් විය හැකි බවයි. ඇමසන් වෙබ් අඩවි හරහා මිලදී ගන්නන් මෙවැනි දෑ නිසා අධර්යට පත් විය හැකි බව බීබීසි වෙබ් අඩවියේ නවතම ලිපියක ද සඳහන් වේ. තවද ඊට දින දෙකකට පෙර (11-12-2010 දින) නෙට්ක්රාෆ්ට් මාන්තුකරණයකට (Netcraft Monitoring) අනුව නන්නාදුනන පිරිසක් විසින් දැවැන්ත DDoS ප්‍රහාරයක් දෙවෙනි වරටත් මාර්ටර් කාඩ් වෙබ් අඩවිය වෙත එල්ල කර ඇත.
චීනයේ අන්තර්ජාල ග්රාහකයන් ප්‍රමාණය කෝටි 45 යි
මෙම වසරේ නොවැම්බර් මාසය වන විට චීනයේ අන්තර්ජාල භ්රාහක සංඛ්‍යාව 45 න් කෝටිය ඉක්මවූ බව එරට රාජ්‍යය තොරතුරු කාර්යාලයේ ප්‍රකාශකයකු වන වන්ග් චෙන් (Wang Chen) මහතා ප්‍රකාශ කර සිටියි. මෙම තත්ත්වය පසුගිය වසරට වඩා 20.3% ක වැඩිවීමක් වන අතර මුළු චීන ජනග්රහානයෙන් 33.9% ක ප්රතිශතයකි. මේ අනුව අන්තර්ජාලය භාවිතා කරන ලෝක ග්රාහක ප්‍රමාණයෙන් 30% ක ප්‍රමාණයක් වෙසෙන රට බවට චීනය පත්ව ඇත. මෙම තොරතුරු වලට අනුව තනි රටක් ලෙස ගත් කළ ලෝකයේ විශාලතම අන්තර්ජාල ග්රාහකයන් ප්‍රමාණයක් සිටින රට බවට ද චීනය පත්ව ඇත. පසුගිය ජූනි මාසය වන විට මෙම ප්‍රමාණය කෝටි 42 ක්ව පැවති අතර පසුගිය ජූලී සිට නොවැම්බර් දක්වා වූ මාස 5 ක කාලය තුළ පමනක් ග්රාහකයන් සංඛ්‍යාව ලක්ෂ 300 කින් ඉහළ ගොස් ඇත.
1994 වර්ෂයේ දී චීන රජය විසින් චීන ජනතාව වෙත අන්තර්ජාල භාවිතය අනුමත කිරීමෙන් පසුව චීන ජනතාව තුළ අන්තර්ජාල භාවිතයට විශාල ඉල්ලුමක් ඇති වූ බව පවසන වනග් චෙන් මහතා මීට සමගාමීව පරිගනක වෛරස්, පරිගනක හැකර් කරන පුද්ගලයන් මෙන්ම කාමුක වෙබ් අඩවි වලට ඇඳීයන ජනතාවද ඉහළ ගිය බව පවසයි.
ඒ මහතාට අනුව චීන රජය විසින් මෙම වසරේ පළමු මාස 11 තුළ දී පමණක් කාමුක වෙබ් අඩවි 60,000 ක් පමණ වසා දමා ඇති අතර 2009 දෙසැම්බර් මස සිට මේ දක්වා වූ කාලය තුළ දරුණු ගණයේ අන්තරජාල අපරාධ 2,197 ක් සිදු වී ඇත. 58 දෙනෙකුට වසර 5 කට වැඩි සිරදඬුවම් ලබා දී ඇත.
චීන මිසයිලවලට බියවී දකුණු කොරියා යුද අභ්‍යාසය හකුලා ගැනේ
චීනය විසින් කිලෝ මිටර් 3000 ක් දුර විදිය හැකි නවතම බැලස්ටික් මිසයිලයක් නිපදවා ඇති බව දකුණු කොරියානු ඔත්තු සේවය විසින් මෙම සතියේ නවතම වාර්තාවක් මඟින් ඇමෙරිකානු ඔත්තු සේවයට වාර්තා කර තිබේ. මෙම වාර්තාව ලැබෙන මොහොත වන විට දකුණු කොරියාව සහා අමෙරිකාව විසින් කහ මුහුදේ ජීව උණ්ඩ යොදා ගනිමින් රටවල් දෙකක් විසින් මෙතෙක් ලොව පැවැත්වූ විශාලතම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක නිරත වෙමින් සිටියෝය.
උතුරු කොරියාව සහා දකුණු කොරියාව අතර මීළඟ නිමේෂයේ දී විශාල යුද්ඬයක් ආරම්භ වනු ඇති බව යුඬ විශ්ලේෂකයෝ බොහෝ දෙනෙකු සැක පළ කර සිටියෝය.
මෙම නවතම එක් චීන බැලස්ටික් මිසයිලයක් මඟින් 6000 කින් සමන්විත කාර්ය මණ්ඩලයකින් හෙබි යුඬ ගුවන් යාන ගෙන යා හැකි අමෙරිකාවේ සාඩම්බරය ලෙස සැලකෙන ජෝර්ජ් වොෂින්ටන් නෞකාව තත්පර ගණනකින් මුදුදේ ගිල්වා දැමිය හැකි බව ඔත්තු සේවා මඟින් සනාථ කර ගෙන ඇත.
ඒ අනුව පසුගිය සතියේ උණුසුම් ලෙස පැවැත් වූ දකුණු කොරියානු සහා අමෙරිකානු ඒකාබද්ධ හමුදා අභ්‍යාස හිමින් සීරුවේ හකුළා ගනිමින් සිටින බව වාර්තා වේ.
මෙම චීන නවතම බැලස්ටික් මිසයිලය පිළිබඳව බටහිර මාධ්‍ය විසින් වාර්තා කර සිටියේ චීනය විසින් ඇමෙරිකාව අභිබවා යා හැකි නවතම මිසල්ලයක් නිපදවීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. එනමුත් චීනය විසින් එම නවතම බැලස්ටික් මිසයිලය මේ වන විටත් නිපදවා අවසන් කර ඇති බව ඉහත වාර්තාව සනාත කරයි.
තවද, මෙවැනි මිසයිල 8 ක් දැනටමත් චීනය විසින් නිපදවා අවසන් බවත්, චීනය විසින් කඩිමුඩියේ මෙම මිසයිල්ල වපසරිය පුළුල් කරමින් සිටින බවත්, "මෙම මොහොතේ උතුරු කොරියාව සමඟ යුද්ඬයක පැටලීමෙන් අපට භායාහනක ප්‍රථිපල අත්විය හැකියි" යනුවෙන් එම අතිශයින් රහසිත වාර්තාවේ අවසන සදහන්ව ඇත.
ඉහත වාර්තාවේ "උතුරු කොරියාව විසින් පසුගිය මස 23 වන දින දකුණු කොරියාවේ යෙඕන්පියෙඑන්ග් (Yeonpyeong) දුපත මත සෙල් ප්‍රහාරයක් එල්ල කරණු ලැබුවේ චීනයේ වුවමනාවට දැයි පැහැදිළි නොවන බවද" සඳහන්ව ඇත.
දකුණු කොරියානු ජනාධිපති ලී මයියුංග්බැක් (Lee Myung-bak) විසින් අද (29) දින ප්‍රකාශයක් කරමින් චීනය, ජපානය, රුසියාව, ඇමෙරිකාව, දකුණු කොරියාව සහා උතුරු කොරියාව ඒකාබද්ධව සය පුද්ගල සාකච්චාවක් මඟින් උ. කොරියාවේ න්‍යෂ්ඨික අවි නිපැයුමේ ප්රශ්නය විසඳා ගත යුතු බව අවධාරණය කරමින් කියා සිටියි.
මීට සතියකට පෙර යම් ලෙසකින් උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට නැවතත් පහර දුනහොත් ප්‍රථිප්‍රහාර එල්ල කරන මෙන් දකුණු කොරියානු ජනාධිපති විසින් තම හමුදාවට බලය පවරා තිබිණි.
mercoledì 29 dicembre 2010
අපි ඇමෙරිකාව සමඟ සියළු සම්බන්ධතා අත් හරිනවා - චාවේස්
ඇමෙරිකාව විසින් වැනිසියුලාවේ තනාපති ලෙස සුදුසු පුද්ගලයකු පත් නොකරන්නේ නම් ඇමෙරිකාව සමඟ ඇති තනාපති සම්බන්ධතා අත් හරින බවට වැනිසියුලානු ජනාධිපති යුගෝ චාවෙස් අනතුරු හඟවා සිටියි. ඇමෙරිකාව විසින් වැනිසියුලාවේ අමෙරිකාවේ තනාපති ලෙස පසුගිය ජුනි මාසයේ නම් කර හරි ලැරි පල්මේර් (Lary Palmer) ව භාර ගැනීම වැනිසියුලාව විසින් ප්රථික්ෂෙප කර තිබිණී.
ඔහු විසින් මතබේදයට තුඩු දෙන්නා වූ ප්‍රකාශ වැනිසියුලාවට එරෙහිව කර තිබීම මෙම පත්වීම අනුමත නොකිරීමට හේතු වූ බව වැනිසියුලාවනු ජනාධිපති විසින් කියා ඇත.
වැනිසියුලා ජනාධිපති හූගෝ චාවෙස් |
වැනිසියුලාව විසින් කොලොම්බියානු ආයුධ සන්නද්ධ පිරිස් වලට රැකවරණය ලබා දෙන බවත් වැනිසියුලානු ජනාධිපතිගෙන් සමන්විත තුන් දෙනෙකු විසින් මෙහෙයවන කණ්ඩායමක් කොලොම්බියානු ආයුධ සන්නද්ධ පිරිස් වලට ආයුධ ලබා දෙමින් මත්ද්‍රව්‍ය හොර ජාවාරම් සඳහා උපකාර කරන බවට ලැරි පල්මේර් විසින් මීට ඉහත කිහිප වතාවක දීම ප්‍රකාශ කර ඇත.
පසුව ඇමෙරිකාව විසින් ද මෙතෙක් වෙනත් පුද්ගලයකු නම් කර නොතිබුණු අතර මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඇමෙරිකාව සමඟ තිබෙන්නා වූ සියළුම සම්බන්ධතා අත් හැර දැමීමට සිදුවන බව හුගෝ චාවේස් විසින් පසුගිය දා එරට රුපවාහිනිය ඔස්සේ සාකච්චාවක් පවත්වමිනි බවසා ඇත.
මීට පෙර වැනිසියුලාවේ ඇමෙරිකානු තානාපතිව සිටි පැට්රික් ඩුඩ්ඩි (Patrick Duddy) ගේ නිල කාලය පසුගිය ජුනි මාසයේ දී අවසන් වීමෙන් පසු ඇමෙරිකාව විසින් වැනිසියුලියානු තනාපති ලෙස නිසි පුද්ගලයකු පත් නොකළ බව චාවෙස් විසින් ඇමෙරිකාවට චෝදනා කරමින් ඉහත සාකච්චාවේ දී අදහස් දක්වා ඇති අතර ඇමෙරිකාවට අවශ්‍යයව ඇත්තේ අපි සමඟ සම්බන්ධතා නතර කර දැමීමේ උවමනාවක් නම් අපට ද එය එසේ වනවානම් හොඳ යැයි ද පවසා ඇත. යම් තානාපතිවරයෙකු ඔහු පැමිනෙන රටේ ගෞරවයට හානිවන ආකාරයෙන් ක්‍රියා නෙකළ යුතු බවද ඉහත රුපවාහිනි සාකච්චාවේ දී චාවෙස් විසින් පැවසු බව ඇ.ප්‍රේ (AP) වෙබ් අඩඩවිය සඳහන් කර සිටියි.
වැනසියුලියාවේ ප්‍රධාන බොරතෙල් ගැණුම්කරු වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදය යි.
දින 35 ක උපවාසය අතහැර උපවාසකරුවෝ වහලෙන් බසිති
ඉතාලි පාර්ලිමේන්තුවේ දී එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරිය වන මරියා ස්තෙල්ලා ජෙල්මීනී (Maria Stella Gelmini) විසින් සම්මත කරන ලද උසස් අධ්‍යාපන ප්‍රථිසංස්කරන පනතට විරෝධය පාමින් දින 35 ක් රෝමයෙහි ෆොන්තනෙල්ලා බොර්ගේසේ ප්‍රදේශයේ පිහිටි සරසවියේ ගෘහ නිර්මාණ ශිල්ප පැකල්ටියෙහි වහලය මත උපාවසයක නිරතව සිටි ආචාර්යවරුන් සහ සිසුන් පිරිස දැඩී සීතල නිසා උපවාසය අතහැර නිවෙස් බලා පිටත්ව යන බව පවසා පිටත්ව ගොස් ඇත.
මෙසේ පිටව යන අතර ඔවුන් විසින් අපි නැවතත් ලබන වසරේ අප්‍රේල් මස 29 වන දින මුළු පැකල්ටියම එකතු කර විශාල උත්ඝෝෂණයක් ජෙල්මීනිගේ ප්රතිසංස්කරන වලට විරුද්ධය පාමින් පවත්වන බව ද පවසා ඇත.
වහලයෙන් බැස ගිය වූ ආචාර්යවරුන් පවසා ඇති පරිදි ඔවුන් මින් ඉදිරියට ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයකට යාමට නියමිතය.
එම ආචාර්යවරුන් විසින් අපිට මුදල් නොගෙවන්නේ නම් අපි ඉගැන්වීමට බැඳි නොමැති බවද පවසා ඇත.
උපවාසකරුවෝ පසුගිය දා එරට පාර්ලීමේන්තුව විසින් සම්මත කර ගත් උසස් අධ්‍යාපන ප්‍රථිසංස්කරන පනත මඟින් එරට ගෘහ නිර්මාණ ශිල්ප සරසවි ආචාර්ය වරුන්ගේ අතිරේක පර්යේෂණ නිබන්ධන සඳහා වෙන් කර ඇති මුදල් කප්පාදුවකට ලක් ඇතැයි පවසති.
මෙම පිරිස එරට ජනාධිපති ජෝර්ජියෝ නාපොලිතානෝ (Giorgio Napolitano) ගේ උපකාරයද මින් ඉදිරියට බලාපොරොත්තු වන බව පවසා ඇත.
මෙම උපාවාසයට සහභාගි වූ සිසුන් පිරිසද ආචාර්යවරුන්ගේ උපවාසය සාධාරන බව පවසා ඇත.
මේ අතර මීට මාස දෙකකට පමණ පෙර ජනතා විමුත්ති පෙරමුණ විසින් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන මෙන් ඉතාලියේ රෝම නගරයේ උත්ඝෝෂණයක් පවත්වා ඇති අතර ඔවුන් විසින් එහිදි ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිළිබඳවද විවේචනය කරමින් කතා පවත්වා ඇත. ඉතාලි අධ්‍යාපන ප්‍රථිපත්තියට සමාන අධ්‍යාපන ප්‍රථිපත්තියක් ලංකාවේද ඇති කරන ලෙස රජයට බල කර සිටිය යුතු යැයිද ඔවුන් විසින් එහිදි පවසා ඇතැයි වාර්තා වේ.
මෙසේ පිටව යන අතර ඔවුන් විසින් අපි නැවතත් ලබන වසරේ අප්‍රේල් මස 29 වන දින මුළු පැකල්ටියම එකතු කර විශාල උත්ඝෝෂණයක් ජෙල්මීනිගේ ප්රතිසංස්කරන වලට විරුද්ධය පාමින් පවත්වන බව ද පවසා ඇත.
වහලයෙන් බැස ගිය වූ ආචාර්යවරුන් පවසා ඇති පරිදි ඔවුන් මින් ඉදිරියට ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයකට යාමට නියමිතය.
එම ආචාර්යවරුන් විසින් අපිට මුදල් නොගෙවන්නේ නම් අපි ඉගැන්වීමට බැඳි නොමැති බවද පවසා ඇත.
උපවාසකරුවෝ පසුගිය දා එරට පාර්ලීමේන්තුව විසින් සම්මත කර ගත් උසස් අධ්‍යාපන ප්‍රථිසංස්කරන පනත මඟින් එරට ගෘහ නිර්මාණ ශිල්ප සරසවි ආචාර්ය වරුන්ගේ අතිරේක පර්යේෂණ නිබන්ධන සඳහා වෙන් කර ඇති මුදල් කප්පාදුවකට ලක් ඇතැයි පවසති.
මෙම පිරිස එරට ජනාධිපති ජෝර්ජියෝ නාපොලිතානෝ (Giorgio Napolitano) ගේ උපකාරයද මින් ඉදිරියට බලාපොරොත්තු වන බව පවසා ඇත.
මෙම උපාවාසයට සහභාගි වූ සිසුන් පිරිසද ආචාර්යවරුන්ගේ උපවාසය සාධාරන බව පවසා ඇත.
මේ අතර මීට මාස දෙකකට පමණ පෙර ජනතා විමුත්ති පෙරමුණ විසින් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන මෙන් ඉතාලියේ රෝම නගරයේ උත්ඝෝෂණයක් පවත්වා ඇති අතර ඔවුන් විසින් එහිදි ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිළිබඳවද විවේචනය කරමින් කතා පවත්වා ඇත. ඉතාලි අධ්‍යාපන ප්‍රථිපත්තියට සමාන අධ්‍යාපන ප්‍රථිපත්තියක් ලංකාවේද ඇති කරන ලෙස රජයට බල කර සිටිය යුතු යැයිද ඔවුන් විසින් එහිදි පවසා ඇතැයි වාර්තා වේ.
martedì 28 dicembre 2010
මේ ලෝකය මෙහෙයවන්නේ ජාවාරම්කාර නීතියානුකූල වෙළඳ මාෆියාවක් විසින්ද..?
විකිලික්ස් මඟින් ප්‍රසිද්ධ කර ඇති නවතම අමෙරිකානු කේබල් පණිවිඩයක සඳහනක අනුව පැනමා සහා පැරඟු රාජ්‍යයන් විසින් ඇමෙරිකානු ඖෂධ නියෝජිතායතනය (US Drug Enforcement Agency -DEA) මඟින් සිදු කළ දුරකතන ටැප් කිරීම් පිළිබඳව හෙළි කර සිටියි. නිව්යෝක් ටයිම් පුවත් පතද මෙම කේබල් පණිවිඩය අනුව යමින් දේශපාලකයන්ගේ රහස් සෙවීම සඳහා ලෝක නායකයන් අමෙරිකානු සහය ලබා ගෙන ඇතැයි පෙන්වා දේ.
39 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික ජූලියන් අසන්ගේ |
මෙයට පිළිතුරු වශයෙන් නීතියානුකූලව සිදුකරන ආරක්ෂාක කටයුතු යැයි කියමින් විවිධ විරුද්ධ දේශපාලන අදහස් දරන පිරිස් මෙල්ල කිරීමේ ක්‍රියාවක නිරත වන පැනමාවේ සිටින ඇමෙරිකානු තානාපති වන බාර්බරා ස්ටෙපෙන්සන් (Barabara Stephenson) විසින් විවිධ කණ්ඩායම් සහා පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් පැනමා ජනාධිපති වෙත ලබා දී ඇත්තේ මම විශ්වාස කරන ආකාරයට මොවුන්ගෙන් යම් උදව්වක් ඔබට ලබා ගත හැකි යැයි ද පවසමිනි. වැඩි දුරටත් පැනමා ජනාධිපති කාර්යාලය පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනුයේ ඇමෙරිකානු බලධාරීන් විසින් තමන්ගේ ඉල්ලීම වූ අපරාධකරුවන් සහා ඖෂධ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වූ ඉල්ලීම වැරැදියට වටහාගෙන කටයුතු කර ඇති බවත් කිසිම ලෙසකින්වත් දේශපාලන විරැද්ධ මතධාරීන්ගේ දූරකතන ටැප් කිරීම සඳහා තමන් විසින් ආධාර ඉල්ලා නො සිටි බවත්ය.
තවත් 2010 පෙබරවාරී කේබල් පණිවිඩයට අනුව ඇමෙරිකානු ඖෂධ නියෝජිතායතනය (DEA) විසින් පැරගුවා ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව පැරගුවාව තුළ සිදු වූ රහසිගත පැහැර ගැනීම් සඳහා පැරගුවා කැරළි හමුදාව කණ්ඩායමක රහස් තොරතුරු සෙවීම සඳහා ආධාර කර ඇති බව හෙළි වී ඇත.
නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට පැරගුවා අභ්‍යන්තර කටයුතු අමාත්‍යය රෆයෙල් ෆිලිට්සෝලා (Rafael Filizzola) විසින් ඇමෙරිකානු ඖෂධ නියෝජිතායතනයට (DEA) පැරගුවාව තුල සිදුකරන මෙහෙයුම් වහා නතර කර දැමිය යුතු යැයි කියා සිටි බව සඳහන් කර සිටියි. මේ අනුව අමෙරිකානු රාජ්‍යය නිළධාරීන් තම හිතවත් රාජ්‍යයන් හී පාලකයන්ට එක් එක් කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා දුරකතන ටැප් කිරීමේ අංශයෙන් ආධාර කර ඇති බව මින් පැහැදිළි වේ. අපි මේ පිළිබඳව ඉතා පරිස්සමෙන් වැඩ කටයුතු කළ යුතුයි ඒ අපට වෙනත් විකල්පයක් නොමැති නිසා යැයි ඉහත කේබල් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.
මේ පිළිබඳව අදහස් දක්වන ඇමෙරිකානු ඖෂධ නියෝජිතායතනයෙහි (DEA) ප්‍රකාශකයෙකු වන ලව්රෙන්ස් පයිනේ (Lawrence Payne) කේබල් තාක්ෂණය ඉතා උසස් ආරක්ෂාකාරී සේවක් නිසා කිසිදු දෙයක් කිව නොහැකි බව කියා සිටියි.
තවත් 2009 ඔක්තොම්බර් මස කේබල් පණිවිඩයකට අනුව මැක්සිකෝ ආරක්සක ලේකම් ජෙන් ගුලියෙර්මෝ ගල්වාන් (Gen Guillermo Galvan) විසින් පවසන පරිදි මැක්සිකෝ නීතී බලගන්වන නියෝජිතානය ද ඖෂධ පාලන ආයතනයක් ලෙස හැදින්වුවද ඉතා දුෂිත ආයතනයකි. දැනට හෙළි වී ඇති විශාල කේබල් පණිවිඩ ප්‍රමාණයකට අනුව එක් එක් රටවල රාජ්‍යය නිළධාරීන් විශාල ප්‍රමාණයක් ඖෂධ ජාවාරම් හි ඒජන්තයින් ලෙස කටයුතු කර සහා කරමින් සිටිති.
2008 මාර්තු මස කේබලයකට අනුව අමෙරිකානු ගුයිනෙයා (Guinea) තනාපති විසින් අත් අඩංගුවට ගත් ඖෂධ හොර ඖෂධ බව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේතුවට දන්වා සිටියි. වැඩි දුරටත් එම කේබල් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. ගුයිනෙයා රජය විසින් හොර ඖෂධ පාලනය සඳහා ඉතා බලවත් නීතී රීති පවතින බව සහතික වුවද., ගුයිනෙයා තුළ අති විශාල හොර ඖෂධ ප්‍රමාණයක් පැවතීමෙන් ඖෂධ ජාවාරම්කරුවෝ රජයට වඩා බලවත් බවයි.
ඇමෙරිකානු ඖෂධ නියෝජිතායතනය (DEA) විසින් රටවල් 63 ක් තුළ කාර්යාල 87 ක් පවත්වා ගෙන යන අතර නව තාක්ෂණයෙන් සන්නද්ධ වන මෙම ආයතනය විසින් විවිධ රටවල තම හිතවත් රාජ්‍යය පාලකයන්ගේ පැවැත්ම සහා ඕනෑ එපා කම් සඳහා අත දිග හැර තාක්ෂණය සහා මුදල් විසි කරමින් එම රටවල පාලනය තමන්ට අවශ්‍යය පරිදි හිතකරව පවතා ගෙන යනු ලබයි. ඖෂධ ජාවාරම් මැඩිම යනුවෙන් ආධාර ලබා දෙන ඔවුන් විසින් ලෝක ඖෂධ බල අධිකාරිය ඉතා සුක්ෂම ලෙස පවත්වා ගෙන යති. ඔවුන්ගේ ඖෂධ අධිකාරියේ සුරක්ෂිත භාවය සඳහා ඉහත ග්‍රහණයට ගත් දේශපාලකයන් හරහා එකවර වටහා ගත නොහැකි ඉතා සංකීර්ණ සහා භයාහනක නීතිරිති එම රටවල දී සුක්ෂම ලෙස සම්පාදනය කර ගනිති.
මෙම කේබල් පණිවිඩ මඟින් අපට කියා දෙන්නා වූ බරපතලම සත්‍යයක් තිබේ. එනම් බටහිර ජීවන ක්‍රමයට උඩින් විරුද්ධ වීමෙන් කිසිදු පළක් කිසි දිනක අපට අත් නොවන බවයි. අප නිවහල් දේශයක් ගොඩ නඟන්නේ නම් ඒ සඳහා අපගේ සරළ ජීවන ක්‍රමයක්ම අප විසින් සොයා ගත යුතුයි. එනම් අපගේ දැනුම් පද්ධතියක් අපගේ වෙඳ කමක් අපගේ වූ ඝෟජු ඖෂධ ප්රතිපත්තියත් (මෙහිදි, එක් අතිකින් බටහිර ඖෂධ ආධිපත්‍යයට නතුවන්නා වූ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නො කිරීමද ප්‍රථිපල දායක විය හැකිය), අපගේ වූ තාක්ෂණික ප්‍රතිපත්තියක් කරා (විශේෂයෙන් රජයේ මැදිහත් වීමෙන් අතරමැදියන් අවම කළ හැකි සරළ තාක්ෂණික ක්‍රම වේදයන් ක්‍රියාත්ම කිරීම) යාම සඳහා දැන් කාලය එළඹ ඇති බවයි. බටහිරයන්ගේ දැනුම් පද්ධතියේ නීතියානුකූල අයිතිය ඇත්තේ බටහිරයන්ට මිස අපට නොවේ. ඔවුන්ගේ ජිවන ක්‍රමය පසු පස යන අපට කළ හැක්කේ ඔවුන්ගේ සේල්ස් රෙෆ්පා වීම ම පමණකි. හොර හෝ නීත්‍යානුකූල හෝ ඖෂධ, මුදුකාංග යන මේ සියල්ලට ඉල්ලුම ඇත්තේ අප බටහිරයන් විසින්ම තනා දෙන්නා වූ නිර්මාණ පසුපස යන බැවිනි. ඒ අප ඔවුන්ගේ නිර්මාණ වලට ලබා දී ඇති ප්රචාරකවාදට ප්‍රිය කරනා වූ ගොදුර බවට අප විසින්ම පත් වන බැවිනි. නමුත් මේ සියල්ලටම විකල්ප ද ඇත. අප කළ යුත්තේ එම විකල්පයන් පිළිබඳව හදාරන්නා වූ පිරිස් වලට වැඩි වැඩියෙන් අවස්ථාව ලබා දීම වේ. එවිට අපට ආසියාවේ නොව ලෝකයේම අශ්චර්යමත් රට විය හැකිය. සිංහල බෞද්ධයෝ වන අපගෙන් ලෝකය හඬ නඟා ඉල්ලා සිටින්නේ එයයි. එම විකල්ප මාවත කරා යා හැකි දර්ශනය ඇත්තේ ද අප ළඟම පමණක් වේ. මනවා වර්ගයා මිහිතලයෙන් අතු ගෑවී යාමට පෙර චිචාරශීලි පුද්ගලයෙකු නිර්මාණය කරන්න යැයි අද ලෝකයේ නන්දෙසින් හඬා නඟා ඉල්ලා සිටියි. විචාරශීලි බුද්ධිය යන්නම සිංහල බෞද්ධ සංකල්පයක් වේ.
ඉරානය විසින් රාජ්‍යය වීරෝධීන් දෙදෙනකු එල්ලා මරලා
ත්‍රස්තවාදී මොජාහේඩීන්-ඒ කාහාලොක් සංවිධානයේ (Mojaehdin-e Khaloq Organization, MKO) සමාජික ඉරාන ජාතික (1) අලි සරේමි (Ali Saremi) සහා මෝසාඩ් (Mossad) සංවිධානයට ඉරානයේ රහසිගත තොරතුරු සැපයු (2) අලි අක්බාර් සියාදත් (Ali Akbar Siadat) යන දෙදෙනාව ටෙහෙරාන් හී එවින් සිර කඳවුරේ (Evin Prison) දී අද දින (28) එල්ලා මරා දමා ඇත.
ඉරාන ටෙහෙරාන් තොරතුරු සහා ජන සංනිවේදන ආයතනයේ නිළධාරීයෙකු විසින් එහි වෙබ් අඩවියට පැහැඳිළි කිරීමක් එක් කරමින් "ඔවුන්ට එල්ල වී ඇති චෝදනා සියල්ලටම වරද කරුවන් වීම නිසා ඉරානයේ පවතින මුස්ලිම් අපරාධ නීතිය අනුව මෙම දඬුවම් ක්‍රියාත්මක කළ බව" දන්වා සිටියි.
එම රජයේ වෙබ් අඩවියට අනුව (1) අලි සරේමි හට එල්ල වී ඇති චෝදනා අතර ඉරාන ශූද්ධ වූ ස්ලාම් ජනරජයට විරුද්ධව සාපරාධි ප්රචාරාත්මක ක්‍රියාවන් හී නිරත වීම සහා ඔහුගේ ක්‍රියාකලාපය එයට බල පා ඇත.
1983 ශීත සමයේ දී MKO ත්‍රස්ත සංවිධානයට එක්ව එම සංවිධානයට ආධාර කිරීමේ චෝදනාව යටතේ ඔහුව පළමු වරට අත් අඩංගුවට ගෙන ඇති අතර එහිදි පැවැත් වූ නඩු විභාගයෙන් ඔහු ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඔහුට එල්ල වූ චෝදනා වලට වරද කර කරමින් පස් අවුරුද්දකට අත්හිටවූ තුන් අවුරුදු සිර දඩුවමක් ඔහුට නියම කර ඇත.
නැවතත් ඉහත පසු අවුරුදු අත් හිටවූ සිර දඬුවම් හී කාලය ඉක්ම යාමෙන් පසුව 1989 වරෂයේ දී නැවතත් ඉහත චෝදනා යටතේ ඔහුව අත් අඩංගුවට පත්ව ඇති අතර එහි දි ඔහුට මරණ දඬුවම හිමි වී ඇත. එහිදී ඔහු විසින් ඉහත මරණ දඬුවමට එරෙහිව ගොණු කළ අභියාචනාව සලකා බැලු අභියාචනාධිකරණය විසින් එම දඬුව දස වසරක සිරි දඬුවමක් දක්වා ලිහිල් කර ඇත.
එල්ලා මරා දැමු 62 දි (1) අලි සරේමි (Ali Saremi) |
නැවතත් මෙම කාල වාකවානුව තුළ ඔහුගේ මුද්රණාය තුළ දී MKO ත්‍රස්තවාදී නායකයන්ගේ පොස්ටර මුද්‍රණය කර ඉහත සඟරාවෙහි අතිරේක ලෙස ප්‍රසිද්ධියේම බෙදා හැරිමින් ද ත්‍රස්තවාදී දේශන ඇතුලත් විඩියෝ පට MKO රුපවාහිණි නාලිකාව හරහා විකාශය කරමින්ද MKO සංවිධානයට නව සාමාජිකයන් බදාවා ගනිමින් එම නවක සාමාජිකයන් ද ඉරාකයේ පිහිටි අශ්රාෆ් MKO කඳවුරෙහි පුහුණු වීම් කටයුතු සඳහා යොමු කර ඇත.
ඉහත චෝදනා යටතේ (1) අලි සරේමිව ඔහුගේ අනුගාමිකයන් පිරිසක් සමඟ තෙවන වරටත් අත් අඩංගුවට පත්ව ඇත්තේ 2005 වසරේ දීය. එහිදි 31 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ඔහු ඇතුලු ත්රස්තවාදීන් පිරිසකට සය අවුරුදු සිර දඩුවමක් නියම වී ඇති අතර පසුව එම තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනාවය විභාග කළ විනිසුරු මඬුල්ල විසින් එම දඬුවම වසරක් දක්වා අඩු කරන ලදී.
අවාසාන වරට ඔහුව අත් අඩංගුවට පත්ව ඇත්තේ 2007 වසරේ ග්‍රීශ්ම ශූතුවේදී වන අතර එහි දී ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ රාජ්‍යය විරෝධී ත්‍රස්තවාදී සංවිධානයකට ත්‍රස්තවාදී දේශන ඇතුලත් සීඩී පට බෙදා හැරීම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඇතුළත් චිත්‍රපට බෙදා හැරීම, ත්‍රස්තවාදී ප්රචාරක පෝස්ටර් බෙදා හැරීම සහා ත්‍රස්තවාදී කටයුතු සඳහා පිරිස් එකතු කරමින් දේශන පැවැත්වීම සඳහා ඔහුගේම නිවස යොදා ගැනීම සහා ත්‍රස්තවාදී දේශණ ඇතුලත් පත්‍රිකා බෙදා හැරීම වේ. මෙම පත්‍රිකාවන් වැඩි ප්‍රමානයක් ඔහුගේ අත් අකුරින්ම සම්පාදනය කර ඇති බවද ඔප්පු වී ඇත.
ඔහුට විරුද්ධව විභාග වූ අවසාන නඩුව එය වන අතර එහිදි 15 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි ඉරාන ඉස්ලාමීය අපරාධ නීතියේ අංක 47 යටතේ ඇති 186, 190, සහා 191 වගන්ති ප්‍රකාරව ඔහුව වරද කරු කරමින් මරණ දඩුවම පනවා ඇත. මෙම නඩු තීන්දුවට එරෙහිව ඔහු විසින් ගොනු කළ ඔහුගේ අවසාන අභියාචනාව නිශ්ප්රභි වී ඇත.
එ අනුව ඔහුව ටෙහෙරාන් හී ඉරාන එවින් සිර කඳවුරේ (Evin Prison) දී අද දින එල්ලා මරා දැමු බව ඉහත වෙබ් අඩවිය සඳහන් කර සිටියි.
තවදුරටත් ඉහත වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට අද දින එල්ලා මරා දමා ඇති අනෙත් පුද්ගලයා වන (2) අලි අක්බාර් සියාදත් (Ali Akbar Siadat) ට එල්ල වී ඇති චෝදනා නම් 2005 වසරේ දී යුදෙව්වන්ගේ පාලනයට (Zionist Regime) ඉරානයේ රජ්‍යය රහස් තොරතුරු මෝසාඩ් (Mossad) සංවිධානය හරහා එහි ඒජන්තයෙකු ලෙස ඉරානය තුළ සිටිමින් ලබා දීමයි.
2005 වසරේ දී ඔහු විසින් ඉරාන ශූද්ධ වූ ස්ලාම් ජනරජයේ අතිශ්‍යය වැදගත් රාජ්‍යය රහස් ප්‍රමාණයක් ඇ.ඩෝ. 60,000 කට ඊශ්‍රායල් ටෙල් අවිව් (Tel Aviv) නගරයේ පිහිටි මෝසාඩ් සංවාධානයට විකුණා ඇත.
2008 වසරේ අවසාන කාල පාරිච්ඡේදයේ දී ඔහු සහා ඔහුගේ බිරිඳ ඉරානයෙන් පැන යාමට තැත් කරද්දී අත් අඩංකුවට පත්ව ඇත. අත් අඩංගුවට ගෙන කරන ලද පරික්ෂණ වලදී ඔහුගේ ජංගම දුරකතනය මඟින් ඊශ්‍රායල් මෝසාඩ් සංවිධානයේ නිළධාරීන් සමඟ සංවාද පවත්වා ඇති බව තහවුරු කරගෙන ඇත. ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා ඊශ්‍රායලය සමඟ ගණුදෙනු කරීමේ මුවාවෙන් ඉතා කුඩා ඩිගිටල් කැමරාවක් (micro digital camera) ආධාරයෙන් පීන්තූර සහිතව යුදෙව්වන්ට ඔත්තු සපයා ඇති බව තහවුරු වී ඇති බව ඉහත වෙබ් අඩවිය දක්වා සිටියි. තවද ඔහු තුර්කිය, තායිලන්තය සහා ඕලන්දය යන රටවල දී එක් එක් ස්ථානවලදී මෝසාඩ් සංවිධානයේ ඉහල නිළධාරීන් හමුවී සාකඡ්චා කර ඇති බවද තහවුරු කරගෙන ඇත.
මෙම අත් අඩංගුවෙන් පසු ඔහු ඇප මත නිදහස ලබා ඇති අතර පසුව අවසාන වශයෙන් නැවතත් 2009 වසරේදී ඔහුව නැවතත් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහුගේ ගමන් මල්ලෙහි තිබි අතිශයින් රහසිගත තොරතුරු ඇතුලත් පිටු 29 කින් යුත් ලිපිගොනුවක් හමු වී ඇත. මෙම ලිපි ගොනු අතර ඉරාන හමුදා නිළධාරීන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුලත් තොරතුරු, හමුදා මූලස්ථාන වල තොරතුරු, ඉරාන යුඬ ගුවන් යානාවන් හී තොරතුරු, මෙහෙයුම් මධ්‍යස්ථාන වල පිහිටිම් දැක්වෙන තොරතුරු, යුඬ ගුවන් යානා පුහුණු වීම් සඳහා යොදා ගන්නා පුහුණු අභ්‍යාස අයාතන වල තොරතුරු, ආරක්ෂක ගුවන් යානා සඳහා යොදා ගන්නා රහසිගත GPS තාක්ෂණ ශීල්ප ක්‍රම ඇතුලත් තොරතුරු සහා දැනට ඉරානය තුළ සිදු වී ඇති ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අනතුරු සහා එම ගුවන් යානා අනතුරු වලට හේතු ඇතුළත් ව දැක්වෙන් සවිස්තර තොරතුරු විශාල ප්‍රමාණයක් එම මෙහොතේ එහි තිබි ඇත. මෙම අත් අඩංගුවෙන් පසුව ඔහු විසින් පාපොච්චාරණයක් සිදු කරමින් සෑම විදේශීය සංචාරයක් සඳහාම ඔහුට ඇ.ඩෝ. 3000.ත් 7000 ත් අතර ප්‍රමාණයක් ඔහුට ලැබුණු බව ද සඳහන් කර ඇත.
ඉහත කරුණු සාක්ෂි සහිතව ඔප්පු වීම නිසා දෙවන විත්තිකරු ද ඉරාන එවින් සිර කඳවුරේදී (Evin Prison) අද දින (28) එල්ලා මරා දැමු බව ඉහත වෙබ් අඩවිය සඳහන් කර සිටියි.
මුල් ලිපිය
Iscriviti a:
Post (Atom)