mercoledì 25 gennaio 2017

ඇමෙරිකාව එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් (UN) ඉවත් වීමට සැරසේ

ඇමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීම සඳහා අවශ්‍ය පනතක් සම්මත කිරීමට සැරරෙන බව වාර්තා වේ.

2017 දී හදුන්වා දුන් ඇමෙරිකානු ස්වාධිපත්‍යය ප්‍රථිස්ථාපනය කිරීමේ පනතට (“American Sovereignty Restoration Act of 2017") අනුව ඇලබාමා හී රිපබ්ලිකන් මංත්‍රී Mike Rogers විසින් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධාන සමාජිකත්වයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන සමාජිකත්වයනේ ඉවත්විය යුතු බවට පනත් කෙටුම්පතක් මෙම මස තුන් වෙනිදා (3) ඉදිරිපත් කර ඇත.

ඇමෙරිකාවට කිසිදු ප්‍රථිලාභයක් අත් නොවන සංවිධාන වෙත ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් 22%ක ප්‍රතිශතයක් වියදම් කිරීම වහා නතර කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රැගෙන ආ බව රිපබ්ලිකන් මංත්‍රී Mike Rogers ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කිසිදු කාර්යලයක් පිහිටුවීම හෝ එම සංවිධානයට කිසිදු ඇමෙරිකානු නිළධාරීයෙකු පත් කිරීම හෝ නොහැකි පරිදි වන ලෙස ඔහු මෙම කෙටුම්පත සකසා ඇත.

තවද, තුන්වන ලෝකයේ රටවල් මෙම සංවිධාන වලට මුවා වී ඇමෙරිකාවට ම පහරදීමේ අයුතු වාසීයක් අත්ව ඇතැයි ද රිපබ්ලිකන්වරු පවසා ඇති පසුබිමක ඇමෙරිකාවේ මෙසේ එකසත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම ඊශ්‍රායලයට පලස්තීනය ආක්‍රමණය කිරීමේ වක්‍ර වාසියක් ලැබෙන බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දේ.

මෙවැනි පසුබිමක් තුළ මැදපෙරදිග සහ ආසීයානු කලාප තුළ රට රටවල් අතර භයානක යුද්ධ පවා ඇතිවිය හැකි බවට ද ඔවුන් පෙන්වා දේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1945 කෙටුම්පත් කර අත්සන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුල් වූ ඇමෙරිකාව යම් හෙයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කරගතහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු වලින් වසර දෙකක් තුළ සම්පූර්ණයෙන්ම ඉවත්වීම සිදුවනු ඇත. ඉන්පසු කිසිදු හමුදා නිලධාරීයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඇමෙරිකාවෙන් යොමු නොවනු ඇත.

ඇමෙරිකාවේ මෙම තීරණයත් සමඟ ලෝක දේශපාලනයේ බලාපොරොත්තු නොවිය හැකි කැළඹිලි සහ විශාල පෙරළි සිදුවිය හැකි බව විචාරකයෝ වැඩිදුරටත් පවසා සිටිති.

- යූ. ඩී.

https://www.congress.gov/bill/115th-congress/house-bill/193/text

Nessun commento:

Posta un commento