sabato 28 gennaio 2017

දරුවන්ට හෝ බිරිදට පහරදීම තවදුරටත් අපරාධයක් නො වේ. - රුසියාව


රුසියානු ආන්දොලනාත්මක නව ගෘහස්ත අපරාධ පනත පකෂව ඡන්ද 380 කින් ඊයේ (27) දින සම්මත වී ඇත.

විරුද්ධව ඡන්ද 3ක් පමණක් ලැබී ඇත.

මේ අනුව මින් ඉදිරියට රුසියානුවෙකු සිය දරුවන්ට හෝ බිරිදට හෝ පහරදීමක්, අපරාධයක් ලෙස නොසලකා හරිනු ලබන ආන්දොලනාත්මක පනත රුසියානු ඩුමා පාරිලිමේන්තුව විසින් සම්මත කර ඇත.

මින් පෙර රුසියානුවෙකු සිය බිරිදට හෝ දරුවන්ට හෝ සිදුකල සුලු පහරදීමක් ද ගෘහස්ත අපරාධයක් සිදුකල තැනැත්තෙකු සේ සලකා කටයුතු කළ අතර වරදකරුට වසර දෙකක සිරදඩුවමක්ද පැනවිය හැකි විය.

නව නීතිය අනුව, එවැනි පහරදීමක දී දරුවන්ට හෝ බිරිදට හෝ දරුණු ශාරීරික තුවාල නොමැති විටක දී එය පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නක් කළමනාකරනය කර විසදීම සදහා ගන්නා ලද උත්සහයක් ලෙස සලකනු ලැබෙන අතර තවදුරටත් එවැනි අවස්ථාන් පුරුෂයා විසින් අපරාධ ගණයට ගැනිය හැක අපරාධයක් සිදුකල බව සලකනු නො ලැබේ.

යම් හෙයකින් පුරුෂයෙකු තම පවුලේ ඉහත සමාජිකයින්ට ප්‍රථම වතාවට ශරීරික තුවාල සිදුවන ලෙස පහරදීමක් සිදුකර ඇතිවිටක දී ද එය අපරාධයක් සිදුකළ තැනැත්තෙකු සේ සැලකුව ද ඔහුට අත්හිට වූ සිර දඩුවම් පමණක් ලබා දිය හැකි අතර, නැවත වරක් ඔහු දෙවැනි වරදට ද එවැනි වරදක් කර ඇති විටක දී පමණක් අපරාධයක් සිදුකල තැනැත්තෙකු සේ සලකා සිර දඩුවම් නියම කළ හැක.

මේ අනුව රුසියානු සමාජ සංස්කෘතික වටිනාකම් නොසලකමින් බටහිර නීති පද්ධතියට අනුකූලව යෙල්සින් පරිපාලනය විසින් සම්මත කර පවත්වාගෙන එනු ලැබු රුසියානු පවුල් සංස්ථාව අවුලෙන් අවුලට පත්වෙමින් තිබූ රුසියානු ගෘහස්ත අපරාධ නීතිය මින් නිමාවට පත්වනු ඇති බව මෙම පනත පහළ මංත්‍රී සභාවට ඉදිරිපත් කර සම්මතකර ගැනිමට ප්‍රමුඛස්ථානය දී කටයුතු කල මංත්‍රීවරියක් වන ඔල්ගා බතලීනා (Olga Batalina) මෙම පනත සම්මත වීමෙන් පසු ප්‍රකාශ කර ඇත.

මෙම පනත සම්මත වීමට විරුද්ධව බටහිර ආධාර ලබන විවිධ දේශපාලන ක්‍රියාකාරීන් රුසියාව පුරා විවිධ උද්ඝෝෂන ව්‍යාපාති පැවැත්වුවද අවසානයේ දී ඔල්ගා බතලීනා වැනි මංත්‍රීවරියන් ඉදිරියේ අතිවිශාල ඡන්ද ප්‍රමාණයකින් එය සම්මත වීම ද විශේෂත්වයක් විය.


Nessun commento:

Posta un commento