sabato 28 gennaio 2017

දරුවන්ට හෝ බිරිදට පහරදීම තවදුරටත් අපරාධයක් නො වේ. - රුසියාව


රුසියානු ආන්දොලනාත්මක නව ගෘහස්ත අපරාධ පනත පකෂව ඡන්ද 380 කින් ඊයේ (27) දින සම්මත වී ඇත.

විරුද්ධව ඡන්ද 3ක් පමණක් ලැබී ඇත.

මේ අනුව මින් ඉදිරියට රුසියානුවෙකු සිය දරුවන්ට හෝ බිරිදට හෝ පහරදීමක්, අපරාධයක් ලෙස නොසලකා හරිනු ලබන ආන්දොලනාත්මක පනත රුසියානු ඩුමා පාරිලිමේන්තුව විසින් සම්මත කර ඇත.

මින් පෙර රුසියානුවෙකු සිය බිරිදට හෝ දරුවන්ට හෝ සිදුකල සුලු පහරදීමක් ද ගෘහස්ත අපරාධයක් සිදුකල තැනැත්තෙකු සේ සලකා කටයුතු කළ අතර වරදකරුට වසර දෙකක සිරදඩුවමක්ද පැනවිය හැකි විය.

නව නීතිය අනුව, එවැනි පහරදීමක දී දරුවන්ට හෝ බිරිදට හෝ දරුණු ශාරීරික තුවාල නොමැති විටක දී එය පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නක් කළමනාකරනය කර විසදීම සදහා ගන්නා ලද උත්සහයක් ලෙස සලකනු ලැබෙන අතර තවදුරටත් එවැනි අවස්ථාන් පුරුෂයා විසින් අපරාධ ගණයට ගැනිය හැක අපරාධයක් සිදුකල බව සලකනු නො ලැබේ.

යම් හෙයකින් පුරුෂයෙකු තම පවුලේ ඉහත සමාජිකයින්ට ප්‍රථම වතාවට ශරීරික තුවාල සිදුවන ලෙස පහරදීමක් සිදුකර ඇතිවිටක දී ද එය අපරාධයක් සිදුකළ තැනැත්තෙකු සේ සැලකුව ද ඔහුට අත්හිට වූ සිර දඩුවම් පමණක් ලබා දිය හැකි අතර, නැවත වරක් ඔහු දෙවැනි වරදට ද එවැනි වරදක් කර ඇති විටක දී පමණක් අපරාධයක් සිදුකල තැනැත්තෙකු සේ සලකා සිර දඩුවම් නියම කළ හැක.

මේ අනුව රුසියානු සමාජ සංස්කෘතික වටිනාකම් නොසලකමින් බටහිර නීති පද්ධතියට අනුකූලව යෙල්සින් පරිපාලනය විසින් සම්මත කර පවත්වාගෙන එනු ලැබු රුසියානු පවුල් සංස්ථාව අවුලෙන් අවුලට පත්වෙමින් තිබූ රුසියානු ගෘහස්ත අපරාධ නීතිය මින් නිමාවට පත්වනු ඇති බව මෙම පනත පහළ මංත්‍රී සභාවට ඉදිරිපත් කර සම්මතකර ගැනිමට ප්‍රමුඛස්ථානය දී කටයුතු කල මංත්‍රීවරියක් වන ඔල්ගා බතලීනා (Olga Batalina) මෙම පනත සම්මත වීමෙන් පසු ප්‍රකාශ කර ඇත.

මෙම පනත සම්මත වීමට විරුද්ධව බටහිර ආධාර ලබන විවිධ දේශපාලන ක්‍රියාකාරීන් රුසියාව පුරා විවිධ උද්ඝෝෂන ව්‍යාපාති පැවැත්වුවද අවසානයේ දී ඔල්ගා බතලීනා වැනි මංත්‍රීවරියන් ඉදිරියේ අතිවිශාල ඡන්ද ප්‍රමාණයකින් එය සම්මත වීම ද විශේෂත්වයක් විය.


mercoledì 25 gennaio 2017

ඇමෙරිකාව එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් (UN) ඉවත් වීමට සැරසේ

ඇමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීම සඳහා අවශ්‍ය පනතක් සම්මත කිරීමට සැරරෙන බව වාර්තා වේ.

2017 දී හදුන්වා දුන් ඇමෙරිකානු ස්වාධිපත්‍යය ප්‍රථිස්ථාපනය කිරීමේ පනතට (“American Sovereignty Restoration Act of 2017") අනුව ඇලබාමා හී රිපබ්ලිකන් මංත්‍රී Mike Rogers විසින් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධාන සමාජිකත්වයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන සමාජිකත්වයනේ ඉවත්විය යුතු බවට පනත් කෙටුම්පතක් මෙම මස තුන් වෙනිදා (3) ඉදිරිපත් කර ඇත.

ඇමෙරිකාවට කිසිදු ප්‍රථිලාභයක් අත් නොවන සංවිධාන වෙත ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් 22%ක ප්‍රතිශතයක් වියදම් කිරීම වහා නතර කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රැගෙන ආ බව රිපබ්ලිකන් මංත්‍රී Mike Rogers ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කිසිදු කාර්යලයක් පිහිටුවීම හෝ එම සංවිධානයට කිසිදු ඇමෙරිකානු නිළධාරීයෙකු පත් කිරීම හෝ නොහැකි පරිදි වන ලෙස ඔහු මෙම කෙටුම්පත සකසා ඇත.

තවද, තුන්වන ලෝකයේ රටවල් මෙම සංවිධාන වලට මුවා වී ඇමෙරිකාවට ම පහරදීමේ අයුතු වාසීයක් අත්ව ඇතැයි ද රිපබ්ලිකන්වරු පවසා ඇති පසුබිමක ඇමෙරිකාවේ මෙසේ එකසත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම ඊශ්‍රායලයට පලස්තීනය ආක්‍රමණය කිරීමේ වක්‍ර වාසියක් ලැබෙන බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දේ.

මෙවැනි පසුබිමක් තුළ මැදපෙරදිග සහ ආසීයානු කලාප තුළ රට රටවල් අතර භයානක යුද්ධ පවා ඇතිවිය හැකි බවට ද ඔවුන් පෙන්වා දේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1945 කෙටුම්පත් කර අත්සන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුල් වූ ඇමෙරිකාව යම් හෙයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කරගතහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු වලින් වසර දෙකක් තුළ සම්පූර්ණයෙන්ම ඉවත්වීම සිදුවනු ඇත. ඉන්පසු කිසිදු හමුදා නිලධාරීයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඇමෙරිකාවෙන් යොමු නොවනු ඇත.

ඇමෙරිකාවේ මෙම තීරණයත් සමඟ ලෝක දේශපාලනයේ බලාපොරොත්තු නොවිය හැකි කැළඹිලි සහ විශාල පෙරළි සිදුවිය හැකි බව විචාරකයෝ වැඩිදුරටත් පවසා සිටිති.

- යූ. ඩී.

https://www.congress.gov/bill/115th-congress/house-bill/193/text

venerdì 20 gennaio 2017

අපි අපේ ජීවන ක්‍රමය රටවල් මත බලෙන් පටවන්නේ නැහැ - ට්‍රම්ප්

අද ඇමෙරිකානු 45 වෙනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ලිවුරුම් දුන්නා. ඒ අනුව මෙතැන් සිට ඇමෙරිකාව ක්‍රියාත්මක වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චින්තනය යි.

ඔහු ඔහුගේ ස්තූති කථාවේ දී ඉතා වැදගත් කාරනා සමුහයක් කියා සිටියා. විශේෂයෙන් ඇමෙරිකානු ජාතිය යනු කවරෙකුද යන්නත් ඔහු එහි දී අර්ථ දැක්වූවා.

ඇමෙරිකානුවන් වෙනුවෙන් ඇමෙරිකාවක් නිර්මානය කරන බවත් එහි දී එම ඇමෙරිකාවේ පාලන බලය ඇමෙරිකානු ජනතාවට හිමි වන බවත් ඔහු දැඩිව පවසා සිටියා. ඔහුගේ පාලන කාලය තුළ නැවතත් වොෂින්ටනට හරහා ඇමෙරිකානුවන් පාලනය කිරීම සිදු නොවන ලෙස රටේ දේශපාලන බලය ඇමෙරිකානු ජනතාව විසින් තීරණය කිරීමේ ක්‍රමවේදයකට වෙනස් කරන බව ඔහු මෙහි දී සඵල කර සිටියා.

අපි මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තයින් ලෝක තලයෙන් අතුගා දමනවා බවට ද ට්‍රම්ප් මෙහි දී ප්‍රතිඥ්ඥා දුන්නා.

නව ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇමෙරිකානුවන් නොන්ජලයින් ලෙස තබාගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ද ඉහළින් සිට ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකය මෙහෙයවන යුදෙව් සුපිරිව්‍යුහයට තම කථාවේ දී විශාල පහරක් එල්ල කිරීම ඔහුගේ කථාව තුළ වූ විශේෂත්වය යි.

“අපි අපේ ජීවන ක්‍රමය කිසිම රටකට බලෙන් පටවන්නේ නැහැ ඒ වගේම අපිට ඔබලාගේ මතවාද බලෙන් පටවන්න හදන්නත් ඒපා.“ යනුවෙන් මෙහි දී ඇමෙරිකානු ජනාධිපතිවරයා යුදෙව්වන් ප්‍රමුඛ සුපිරිව්‍යුහයට දැඩි ලෙස කියා සිටියා. ඇමෙරිකානුවන්ගේ ජන විඤ්ඤාණය සකස් කරනු ලබන්නේ මෙම සුපිරිව්‍යුහය විසින් මෙහෙයවන ජනමාධ්‍ය හරහ යි. එහෙත් මෙම සුපිරිව්‍යුහය විසින් ඇමෙරිකානු ජනතාව හපකරමින් සිටින බව ඇමෙරිකානුවන් කාලයක සිට චොදනා කරමින් සිටි කාරණක්. එවැනි පසුබිමක ට්‍රම්ප්ගේ සම්ප්‍රාප්තිය එම හපකිරීමේ ප්‍රථිඵලයක් කීවොත් වඩාත් නිවැරැදි යි. තවද, මෙම සුපිරිව්‍යුහයේ ඉහලින් සිටින ප්‍රධාන බලවේගය Rothschilds වංශයයි. ට්‍රම්ප් මෙම සුපිරිව්‍යුහයට අභියෝග කිරීම ඔහු ඇමෙරිකානු ජනාධිපති තරඟයට පිවිසීමට පෙර සිට ආරම්භ කෙරුවා.

ඇතැම් පිරිස්ට අනුව Henry Kissinger, Rockefeller සහ George Soros ද මෙම සුපිරිව්‍යුහයේ කොටස් යැයි පවසති. එහෙත්, මෙම කිසිවෙකුත් Rothschilds වංශයේ අහලකටවත් ලඟා විය නොහැකි සුපිරි ව්‍යුහයේ ඉහළින් සිටින ව්‍යාපාරිකයෝ පිරිසක් පමනි. Rothschilds වංශය ලෝක ජනතාවගෙන් 99%ක ගේ ජීවිත පාලනය කරන අතර ඔවුන්ගේ වත්කම ඩොලර් ට්‍රිලියන 500ය ඉක්මවයි. Rothschilds වංශය යනු අද අප දකින ලෝකය නිර්මානය කල වංශයයි. සහ ඉදිරි ලෝකය කෙසේ සකස් විය යුතුද යන්න නිර්මානය කරන වංශය යි. අදවන විට මෙම සුපිරිව්‍යුහය විසින් ලෝකයම සුපිරිව්‍යුහයක් (ටොයියන්ගේ ලෝකයක්) කර ඇති පසුබිමක ට්‍රම්ප්ගේ කාර්ය උඩුගම්බලා යාමක් බව ද පැවැසිය යුතුය.

කෙසේ හෝ අවසාන වශයෙන් ට්‍රම්ප් තිරසාර සංවර්ධනය වැනි බටහිර පට්ට ගැසූ සංකල්ප දැඩිව විශ්වාස කරන්නේ දැයි යන සැකය මතු වන බැවින් ඔහුගේ පාලන කාලය තුළ ඇමෙරිකානුවන් තව තවත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුළ අතර මං විය හැකි බවක් ද පෙනෙන්නට තිබෙනවා. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට අද අවශ්‍යයව ඇත්තේ චින්තන විප්ලවයක් බව පවසන බටහිර විද්වතුන් සිටින්නේ ඉතා සුළු අතලොස්සක් බැවින් මෙම සුපිරිව්‍යුහය කඩාබිඳ දැමීමට අවශ්‍යය චින්තනය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට තවම ලැබි නැහැ. එබැවින් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඇමෙරිකානුව සමඟ අනෙකුත් බටහිර රටවල් විශාල ගැටුම්කාරී තත්වයක් ඇති කරගනු ඇතැයි ද පෙනෙන්නට තිබෙනවා.

අවසාන වශයෙන් ලෝකයාගේ දැනගැනීම පිනිස අපට පැවසීමට ඇත්තේ අද ලෝකයා සොයන චින්තන විප්ලවය ඇත්තේ සිංහල බෞද්ධයින් අතර පමණක් බවයි. බටහිර රටවල් අද මුහුණ දෙන සියලුම ප්‍රශ්න වලට මුල මගෙන් බාහිරව වාස්තවික යථාර්තයක් ඇත යනුවෙන් වන දැක්මයි. අද බටහිර රටවල් ප්‍රමුඛ ලෝකය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය පසුගිය වසර 500 තුළ ලෝකය තුළ සිදු වූ යුදෙව් ග්‍රීක ක්‍රිස්තියානි චින්තනයේ විනාශකාරී විකාශනයේ ප්‍රථිඵලයක්. කෙසේ හෝ ට්‍රම්ප් මෙම සුපිරිව්‍යුහයට තමන්ගේ දැනුමේ හැටියට අභියෝග කිරීමට සැරසෙනවා. එම අතින් හොරාට නිදා සිටින ඕල්කට් බෞද්ධයින්ට සහ එම දේශපාලකයින්ට වඩා ට්‍රම්ප් සිංහල බෞද්ධයි. එබැවින්, අපි ට්‍රම්ප්ට සියළු සම්‍යක් දුෂ්ඨික දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්‍ෂාව ප්‍රාර්ථනා කර එක සිතින් සුභ පතන්නෙමු.



martedì 10 gennaio 2017

සියළුම භෞතිකවාදීන්ගේ මිහිපිට දෙවියා (Rothschilds)

ලෝක ආර්ථිකයේ නියමුවා මොහුය. වංශයෙන් මොහු Rothschild නැමැති බලවත් වංශයට අයත්ය. යුදෙව් වංශයකි. යහපලනයට පිංසිදුවන්නට දැන් ශ්‍රී ලංකා මහ බැංකුවද IMF එක හරහා හසුරුවන්නේ මොහුය. ලංකාවේ සිදු වූ මහා බැංකු මංකොල්ලය වන භාණ්ඩාගාරික බිල්පත් වෙළඳාම ද මොහුගේ වෙළද න්‍යායකි. මේ පිළිබඳව පසුව වෙනම ලිපියක් ලියමි.
ලංකා දේශපාලනය තුළ ද CIA මඟින් NGO වලට අධාර කරමින් මොහුගේ බල පරාක්‍රමය පතුරුවමින් සිටියි. ඒ පිළිබඳව පැහැඳිළි කිරිමට වෙනම ලිපියක් ලිවිය යුතුය.
දැනට මොහු විසින් ලෝක ජනතාවනේ 99% ක් පාලනය කරනු ලබයි. ඉතිරි 1% ද මොහුගේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රථිඵලයක් බැවින් එම 1% ද මොහෙයවන්නේ මොහු යැයි කිවහොත් වරදක් නොමැත. මොහුගේ සම්පූර්ණ වත්කම ඩොලර් ට්‍රිලියන 500 කට වැඩිය.

ජාත්‍යන්තර ෆොබිස් (Forbis) සඟරාව මොහු ලොව ඉහළම ධනවතා යැ යි කිසි දිනක නම්කර තිබේද?. නැත!
එයට හේතුව ෆොබිස් සඟරාව ද මොහුගේ නිර්මාණයක් බැවිනි. නිර්මාණකරු සෑම විටම ඔහුගේ නිර්මාණය ලෝකය තුළ කෙසේ භාවිතා වන්නේ දැ යි පමණක් සොයාබලන බැවින් ෆොබිස්ට ද එය අදාළ වේ.
බටහිර අධිපත්‍යයේ මිහිපිට සිටින මැව්ම්කාර දෙවියා මොහුය. එනම්, බටහිර උපධානස්කන්ද මැවුම්කාර යථාර්තවාදී දෙවියා මොහු තුළින් නියෝජනය වේ. මෙයද වෙනමම සාකඡ්චා කලයුතු මාතෘකාවකි.
 මොහු කෙසේ නම් ලෝකය පාලනය කරන්නේ ද?
ඇමරිකානු මහා බැංකුව නොහොත් Federal Reserve හී අයිතිකරු මොහු බැවින් මොහු ලොකයම පාලනය කරනු ලබයි.
මොකක්, ඇමෙරිකානු Federal Reserve හී අයිතිකරු ඇමෙරිකානු මහ ජනතාව නොවන බවද ඔබ මේ පවසන්නේ?
ඔව්, ඇමෙරිකානු මහා බැංකුව මොහුගේ පුද්ගලික දේපලක්. එපමනක් නොවේ දැන් ලංකාවේ මහා බැංකුවේ අයිතිකරුත් මොහුයි.
 විශ්වාස කරන්නත් අපහසුයි.!
විශ්වාස නොකලට සත්‍යය එය තමයි.
හරි ලංකාව පැත්තකින් තියමුකෝ, මොහු කොහොම ද ඇමෙරිකානු මහා බැංකුවේ අයිතිකරු වෙන්නේ?
එය දීර්ඝ කථාවක්. වසර 80කට ආසන්න කාලයක් තිස්සේ සිදුවන දෙයක්. ඒක හරියට ලංකාවේ සිදුවුන මහා බැංකු බැදුම්කර වංචාව වගේ දෙයක්. එවකට ලොකයේ ගනුදෙනු කළ රත්‍රං වෙනුවට අමෙරිකානු ඩොලරයේ මතුවීම තුළින් ලෝකයාගේ ඇස් වසා සිදුවුන දෙයක්.
තව පැහැඳිළි කළොත්?
මෙහෙමයි. ලංකාවේ හිටපු මහා බැංකු අධිපතිතුමා ඒ කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ බෑණට අයිතිව තිබු Perpetual Treasuries Ltd කියන සමාගම හරහා බැදුම්කර මිල දී ගන්න රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යය තුමාගේ උදව් ඇතුව රාජ්‍ය බැංකු වලින් මුදල් අඩු පොලියට ලබා දුන්නා. අපි හිතමු ලංකා බැංකුව කියලා. දැන් මේ Perpetual Treasuries Ltd සමාගම ඉහත ලංකා බැංකුවෙන් 8% පොළියට මුදල් අරගෙන නැවත එම මුදල්ම භාණ්ඩාගාරට 12% පොළියට දෙනවා වගේ. කිසිත් නොකර ලාබය 4% යි. තව බැදුම්කර පොළිය සමඟ අති විශාල මුදලක් කොළකෑලී ටිකකට අත්සන් කිරීම තුළින් ඇඟ මහන්සි නොකරම ලැබෙනවා.
 තවත් පැහැඳිළි කරන්න බැරිද?
පුළුවන්, අපි හිතමු සරණ කියලා බැංකුවත් තියෙනවා කියලා. මේ සරණ බැංකුවෙන් 10% පොළියට මුදල් ණයට අරගෙන ලොකු ලූණු වගාකරපු ගොවියෙකුත් ඉන්නවා කියලා හිතමු. දැන් මේ ගොවියා තමන්ගේ අස්වැන්න දඹුලු ආර්ථික මධ්‍යස්ථානේට ලොරියකින් අරගෙන ඇවිල්ලා ලොකු ලූණු තොග මුදලාලි කෙනෙකුට විකුණන්න හදනවා කියලා හිතමු. ගොවියා මේ ලොකු ලූණු ලොරියම රුපියල් ලක්‍ෂ 5ට විකුණන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් එතන ඉන්නවා Perpetual Treasuries Ltd කියලා අතරමැදියෙක්. මේ අතරමැදියා තඟ දාගෙන තමයි එතන ඉන්නේ. මේ සමාගමට ඒ සඳහා රාජ්‍යය අනුග්‍රහායත් ලැබෙනවා කියලාම හිතමුකෝ. කිසිම තොග මුදලාලි කෙනෙකුට කෙළින්ම ගොවින්ගෙන් කිසි දෙයක් මිල දි ගන්න බැහැ. ගොවින්ටත් එහෙමයි. කිසිම ගොවියෙකුට කෙළින්ම තොග මුදලාලි කෙනෙකුට තමන්ගේ අස්වැන්න විකුණන්නත් බැහැ. සියළුම වෙළදාම් මේ Perpetual Treasuries Ltd තඟා හරහා තමයි සිදුවිය යුත්තේ. දැන් මේ සමාගම මොකද කරන්නේ. අර ගොවියාගෙන් රුපියල් ලක්‍ෂ 5හේ ලොරිය රුපියල් ලක්‍ෂ 2ට ඉල්ලනවා. ගොවියා දෙන්න බැහැයි කියනවා. එත් දැන් කාටද මේ ලොකු ලූණු ලොරිය විකුණන්නේ. කාටවත් විකුණන්න බැහැ. අන්තිමට අකමැත්තෙන් හරි අර Perpetual Treasuries Ltdට ම මේ ලොකු ලූණු ලොරිය රුපියල් ලක්‍ෂ 2ට දෙන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ. ඒත් හිතන්න එපා Perpetual Treasuries Ltd සල්ලි අතේ තියාගෙන මේ බිස්නස් එක කරනවා කියලා. නැහැ. ඒ ලක්‍ෂ දෙකත් ඔවුන් ගන්නේ අර ගොවියා ණයට මුදල් ගත්තු සරණ බැංකුවෙන්ම තමයි. දවසේ පොළියට. දැන් ඔවුන් මේ ලොකු ලූණු ලොරිය ගොවියා ඉස්සරහම රුපියල් ලක්‍ෂ 5කට තොග මුදලාලි කෙනෙකුට විකුණනවා. ඊට පස්සේ සරණ බැංකුවේ දවසේ මුදල් සහ දවසේ පොලිය ඔවුන් ගෙවලා දානවා. ගොවියෝ තමන්ගේ දුක කියන්නේ කාටද? සරණ බැංකුවෙන් ගත්තු ණය ගෙවන්නත් මේ ලක්‍ෂ 2ක මදිවෙනවා. ගොවියා බැංකුවට ගෙවන්නේ තමන්ගේ ණයෙන් කොටසයි. එවිට සරණ බැංකුව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කළින් පොළියට වඩා වැඩි පොළියකට අයිත් ගොවියට ණයට දෙනවා.
මේ චක්‍රය මේ විදිහටම දිගින් දිගමට යනවා. වසරින් වසර බැංකුවේ ණය පොළි අනුපාතය වැඩි කරනවා. දැන් ප්‍රශ්නයක් වෙනවා. ගොවින් කොච්චර මැරුණත් අස්වැන්න එකම ගානමයි. නැත්නම් කළින් වසරට වඩා අස්වැන්න අඩුයි. එබැවින් සෑම වසරකම ලොකු ලූණු වල මිල වැඩි වෙනවා. වසරින් වසර ලොකු ලූණු මිල වැඩි වෙන්නේ බැංකුවේ පොලී අනුපාතය වැඩිවෙන නිසයි. වසවිස වැඩිපුර යොදවා අස්වැන්න වැඩිකළ යුතු වෙනවා. වසරින් වසර ගොවියෝත් අසරණ තත්වයටම පත් වෙනවා. මෙම චක්‍රය නිසා කුඩා වගා බිම් හිමි ගොවියෝ ගොවිතැන අතහැරලා යනවා. අවසානයේදී රාජ්‍යය අනුග්‍රහයෙන් පැමිණෙන විශාල ගොවි සමාගම් විසින්ම ලොකු ලූණු වගාව අධික වසවිස යොදමින් සිදුකරනවා. අද අප දකින ලෙඩ්ඩුන්ගෙන් පිරී ලෝකය නිර්මාණය වී ඇත්තේ අන්න ඒ ආකාරයෙන් වූ චක්‍රය නිසයි. මෙය ඉදිරියේදී සොයගත නොහැකි බලවත් රෝගීන්ගෙන් පිරි ලෝකයක් වීමට නියමිතයි. Perpetual Treasuries Ltd හි අධිපත්‍යය වෙනුවෙන් මුළු රටේම ජනතාව බැංකු වලින් ණයට ගන්න මුදල් සඳහා වැඩි වූ පොලිය ගෙවනවා. පරිසරයත් තමන්ට සිදු වූ හානිය සඳහා වන්දිගෙවමින් සිටිනවා. ලෝකය දිනෙන් දින ජීව අජීවී කොටස් වල වාසස්ථානයට නුසුදුසු තත්වයකට පත්වෙමින් තිබෙනවා. මින් මිනිසාට වැලදෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යැ යි පවසමින් දිනෙන් දින සංකීර්ණ වූ බටහිර ඊනියා වෛද්‍යය ක්‍රම ආදේශ කරමින් පෞද්ගලික ඉස්පිරිතාල නමින් ව්‍යාපාර බිහිවෙනවා. මෙම ව්‍යාපාරික ඉස්පිරිතාල අරම්භ කිරීමට අවශ්‍යය ණය දෙන්නෙත් බැංකුම තමයි. දැන් මෙම චක්‍රීය ක්‍රියාදාමය තුළින් මුදල් භාවිතය දිනෙන් දින ප්‍රසාරණය වෙනවා. මෙසේ සිදුවන මෙම මුදල් ප්‍රසාරණ ක්‍රියාවලියට ඊනියා ආර්ථික දියුණුව යැ යි බටහිරයෝ කියනවා. බටහිර අධ්‍යාපනය ලබපු මුල්සිඳගත් අපේ උනුත් මේවාට ආර්ථික දියුණුව යැ යි කියනවා. අවසානයේ දී මෙම ඉස්පිරිතාල කරා යන සියළුම රෝගීන් විශාල ධනස්කන්දයක් (ඇතැම් විට මුළු සේසතම) වැයකර ඔවුන්ට වැළඳුන රෝගයෙන්ම මිය යනවා. උදාහරණයක් හැටියට මෙම ව්‍යාපාරික ඉස්පිරිතාල වලින් තම ඉතිරි ජීවිත කාලයේදීම බෙහෙත් ගත් වකුගඩු රෝගියා මිය යන්නේ වකුගඩු රෝගය හොදවීමෙන් නොවෙයි. ඔහු මිය යන්නේ වකුගඩු රෝගයෙන්මයි. ඒ ආකාරයෙන් හෘදරෝගියා මිය යන්නෙත් හෘදරෝගය හොඳවීමෙන් නො වෙයි. ඔහු මිය යන්නෙත් හෘදරෝගයෙන්මයි. දියවැඩියා, විසාධිය එකී නොකී සියළුම රෝගීන් මියයන්නේ එම රෝග හොඳවීමෙන් නොවේ. ඔවුන් සියළු දෙනාම මිය යන්නේ ඔවුන්ට වැළදුනු එම රෝග නිසාමයි.
දැන් අපි යමු ඇමෙරිකාවට. දැන් මේ සඳහා වන විකල්පයක් ලෙස බටහිරයෝ සලකන්නේ අස්වනු වැඩිකිරීමයි. අස්වනු වැඩිකර ගැනීමේ ක්‍රමවේද හොයන්න බටහිර විද්‍යාව දැන් මැදිහත් වෙනවා. මොන්සැන්තෝ වැනි ඇමෙරිකානු කෘෂිරාසයනික බහුජාතික සමාගම් බිහිවෙන්නේ මේ පසුබිම තුලයි. ඔවුන් වැඩි අස්වැන්නක් සඳහා ඊනියා විද්‍යාත්මක පරික්‍ෂන කරනවා. මෙම පරික්‍ෂ සඳහා විශාල මුදලක් වැයවෙනවා. ඇමෙරිකාවේ දී මේ ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්නේ ඇමරිකානු මහා බැංකුව නොහොත් Federal Reserve ආයතනයයි. එය ලංකාවේ සිදුවුන බැදුම්කර වංචාව හා සමානව සිදුවන දෙයක්. ලංකාවේ Perpetual Treasuries Ltd වගේ ඇමෙරිකානු Federal Reserve ආයතනය කිසිම ආයතනයකින් හෝ බැංකුවකින් හෝ  මුදල් ණයට ගන්නේ නැහැ. ඔවුන්ගේ වංචාව ලංකාවේ බැදුම්කර වංචාවට සමාන වුනාට ඔවුන් එය සිදුකරන ආකාරය නැත්නම් Mechanisum එක වෙනස්. ඇමෙරිකානු Federal Reserve ආයතනය තමයි ඇමෙරිකානු ඩොලර් අච්චු ගැසීමේ බලය ලත් එකම ආයතනය. අමෙරිකානු බැංකු හෝ ලෝක බැංකුව හෝ IMF ආයතනය හෝ තමට අවශ්‍යය මුදල් ඇමෙරිකානු Federal Reserve ආයතනයෙන් ලබා ගන්නවා. ඩොලර් ඩොලර් වලින් මිලදී ගන්නවා කිව්වොත් වඩාත් නිවැරැදියි. එත් එය හැමෝටම පැහැඳිළි නැති නිසා අපි මෙහෙම ඒක පැහැඳිළි කරන්නම්.

Federal Reserve ආයතනය යම් බැංකුවට මුදල් ලබා දෙන්නේ ඔවුන්ගේ පොළිය කපාගෙන. අපි හිතමු ඩොලර් බිලියනයකට (1,000,000,000) ඔවුන් 1% ක පොළියක් අයකරනවා කියලා. එනම් ඔවුන් ඔවුන්ගේ පොලිය වන ඩොලර් කෝටිය (10,000,000) අඩුකරගෙන තමයි ඉල්ලපු ඩොලර් බිලියනය දෙන්නේ. එනම් ඩොලර් බිලියනයට ඔවුන් දෙන්නේ ඩොලර් 990,000,000 ක් පමණයි. පසුව දීපූ මුළු මුදලත් අයකරගන්නවා. කෙසේ හෝ, ඊට පස්සේ මෙම බැංකු තමන් Federal Reserve එකෙන් ගත්තු මුදල් ලෝකයටම ණයට දෙනවා තවත් පොළියක් අයකරගෙන. මේ අකාරයෙන් ඔවුන් එනම්, Federal Reserve අදවන විට ලෝක ජනග්‍රහණයෙන් 99%ක් පාලනය කරන තත්වයටම ඇවිල්ලා තියෙනවා. Federal Reserve කියන්නේ Rothschild නැමැති බලවත් වංශික පවුලට අයිති දේපලක්. ඔවුන්ගේ මුල් බ්‍රිතාන්‍යයේ මහා රැජින දක්වාම විහිදෙනවා. මේ ලෝකය පාලනය කරන දෙවියා වෙන කවුරුත් නො වේ Rothschild නැමැති බලවත් වංශික දෙවියායි. එසේත් නැත්නම් එ් නමින් වන දේව මණ්ඩලයයි. මොවුන්ගේ ක්‍රියාවන් අනුව සිංහල බෞද්ධයින්ට මොවුන් මාර දිව්‍යපුත්‍රයාගේ නියෝජිතයෝ යැ යි සැලකන්නත් පුළුවන්.
අපි මෙයින් ගැලවෙන්නේ කොහොමද?
මේ සඳහා ස්ථීර වූ ක්‍රමවේදයක් සිංහල අපිට තිබෙනවා. එ‍හෙත් ඒ සඳහා දේශපාලන නියෝජනයක් අපිට තාම ඇතිකරගන්න බැරි වෙලා තියෙනවා. මේ සඳහා විසඳුම සිංහල බෞද්ධ චින්තනය තුළ තිබෙනවා. එහෙත්, සිංහල බෞද්ධ චින්තකයෝ පවා මෙම තත්වය තවම හරිහැටි ග්‍රහණය කරගෙන නැහැ. ඇමෙරිකානුවෝ ප්‍රමුඛ බටහිරයෝ මේ චක්‍රයෙන් මිදීම සඳහා සිංහල බෞද්ධ අපිට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. එහෙත් ඔවුන්ට ඒ සඳහා ස්ථීර වූ දර්ශනයක් නැහැ. ඇමෙරිකානුවෝ Donald Trump ජනාධිපතිවරයාව තොරාගත්තේ මෙම චක්‍ර‍යෙන් මිදීම සඳහායි. මෙම ජනවාරී 20 වෙනි දින නිලවශයෙන් ඇමෙරිකානු ජනාධිපති බවට පත්වීමට නියමිත Donald Trump මහතා Rothschild වාංශිකයින්ට යුධ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෑතක දී Federal Reserve ආයතනය අහෝසි කරන බවටත් ප්‍රකාශ කර සිටියා. එහෙත් ඔහු සිතන ආකාරයට එය ලෙහෙසියෙන් කරන්න බැහැ. එහිදී Donald Trump ට විරුද්ධව සියළුම ඇමෙරිකානු ජනමාධ්‍යය යුධ ප්‍රකාශ කළා. Rothschild ලා තමයි ලෝකප්‍රසිද්ධ ඇමෙරිකානු මාධ්‍ය වල අයිතිකාරයෝ. මෙම චක්‍රය නතර කිරීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට විකල්ප වැඩ පිළිවෙලක් සහිත චින්තනයක් අවශ්‍යයි. ඇමෙරිකානුව ප්‍රමුඛ බටහිරයින්ට එවැනි විකල්ප වැඩ පිළිවෙලක් සහිත චින්තනයක් නැහැ. ඔවුන් විසඳුම් සොයන්නේ Rothschild ලාගේම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුලමයි. පසුගිය වසර 500 තුළ විකාශනය වූ මෙම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානී චින්තනය තුළ ඔවුන් සිරකාරයෝ වෙලා ඉවරයි. එකවර Federal Reserve ආයතනය අහෝසිකර Rothschild වාංශිකයින්ව නිර්වින්දනය කරන්න බැහැ. Rothschild දෙවියා විශාල පිරිසකගේ ඊනියා යථාර්තික ජීවන ක්‍රමයේ ගැලවුම් කරයා වෙලා ඉවරයි. ඔවුන්ගේ මෙම චක්‍රය ලෝකයේ සෑම ක්‍ෂේත්‍රයක්ම පාහේ පැතිර සිටින එකම බූවල්ලා වෙලා අවසන්. මේ බූවල්ලාගේ පැවැත්ම නැතිවුවහොත් ලෝකයේ  විශාල පිරිසකට තමන්ගේ ඊනියා මහේශාක්‍යය පැවැත්ම ද අහිමි වෙනවා. එබැවින් මෙම දෙවියා සමඟ ගණුදෙනු කරන්න එක එතරම් ලෙහෙසි පහසු නැහැ. මෙම චක්‍රය කැඩීමට යාමේ දී ලොකු යුද්ධයක් ද ඇතිවිය හැකියි. ඇතැම්විට එය මේ ලෝකයේ එතෙක් මෙතෙක් සිදු වූ ලොකුම යුද්ධය එය විය හැකියි. එහි දී විශාල පිරිසක් මිය යා ද හැකියි.
 අපිත් මේ යුද්ධයේ කොටස්කාරයෝ වෙයිද?
මේ ආණ්ඩුවේ දැක්ම තුළ අපිත් මෙම බටහිර චක්‍රයට විශාල ලෙසින් බැඳ තබනවා. මෙම ආණ්ඩුව බටහිර ආර්ථිකය ජීවන ක්‍රමය තව තවත් ගමට ගෙන යමින් සිටිනවා. මෙම ක්‍රියාවලියට විරුද්ධව ලංකාවේ විකල්ප දේශපාලනයක් ආර්ථික ක්‍රමවේදයක් නැහැ. අපේ පැරැණි ගමයි දාගැබයි ගමයි පන්සලයි යන ස්වංපෝෂිත ආර්ථික ක්‍රමයෙන් පමණයි මෙම ක්‍රමයට විරුද්ධ විකල්පයක් තිබෙන්නේ. එහෙත් පැරැණි ආර්ථික ක්‍රමවේදය කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ කිසිදු දේශපාලකයෙක් පිළිගන්නේ නැහැ. ජනතාවත් වල්මත් වී ඇති බැවින් දැනට ඔවුන්ටත් මෙය දැනෙන්නේ නැහැ. එවැනි පසුබිමක් තුළ අපිත් මෙම විනාශයට ගොදුරු වේවී. විශාල බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ප්‍රමාණයක් පවා බුදුදහමෙන් කියවෙන අපගේ පැරණි සහජීවන ජීවන ක්‍රමය ක්‍රමක්දැයි දන්නේ නැහැ. ඔවුන් ද අවිඤ්ඤාණිකව ම මැවුම්වාදය සහ බටහිර විද්‍යාව වාස්තවික යථාර්ත බවට සලකනවා. එය ඉතා කණගාටු තත්වයක්. එවැනි පසුබිම් තුළ ප්‍රශ්ණයේ මුල අල්ලා ගැනීම විශාල පිරිසකට ව්‍යාකූල වී තිබෙනවා.

මෙයින් මිදීමට අපගේ චින්තනය නැත්නම් අපි සිතන ආකාරය කෙසේ නම් වෙනස්කර ගතයුතුද?
අපි ප්‍රථමයෙන්ම වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ථෙරවාදී බෞද්ධයෝ විය යුතුයි. අපේ මුතුන් මිත්තන් මෙන් මමත්වයට ප්‍රමුඛස්ථානය නොදෙන ආකාරයෙන් අප ද සිතිය යුතුයි.

ඒක කොහොමද කරන්නේ?

මා කියා ගත හැකි කෙනෙක් නොමැති බව අවබෝධයෙන් ගත යුතුයි. එයයි ථේරවාදී ඉගැන්වීම. ඒ අනුව අපගේ චින්තනය හැඩගස්වා ගත යුතුයි. උපදානස්කන්ද උපදානස්කන්ද ලෙස මිස විද්‍යාව හෝ ඊනියා යථාර්ථය ලෙස හෝ නොගත යුතුයි.
මා කියා ගත හැකි කෙනෙකු නොමැති බවට, අවබෝධ කරගත හැකි, නැවත ප්‍රශ්නයක් බවට පත් නොවන සේ පෙන්වා දිය හැකි ක්‍රමවේදයක් තිබේද?
එසේය, එය මා වෙනත් ලිපියකින් පහදන්නම්.
ආදර්ශ http://www.anonews.co/rothschild-owned-bank/