මාගේ දැක්ම අනුව පසුගිය රජය විසින් ලංකාවේ ක්‍රියාත්මක කරන ලද්දේ කිසිදු රටක දැකීමට නොමැති ජනප්‍රිය නො වූ ආර්ථික ප්‍රථිපත්තියකි. එම ආර්ථික ප්‍රථිපත්තිය ඉතා සංකීරණ එකක් විය. කෙසේ හෝ මාගේ අරමුණ එම සංකීර්ණ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි විග්‍රහා කිරීම නො වේ. එහෙත් එම ආර්ථික ප්‍රථිපත්තීන් තුල දේශීය ව්‍යවසායකයාට ඉදිරියට ඒමේ විශාල අවස්ථාවන් තිබිණ. විශේෂයෙන් ඩොලරය රුපියල් 132ට අඩුවෙන් පවත්වාගෙන යාම තුළ දේශීය ව්‍යවසායකයා තුළ මුදල් යහමින් ගැවසෙමින් තිබිණ. අභාග්‍යයකට ඒ පිළිබඳව සැලකිය යුතු අවධානයක් එකල කිසිවෙකු විසින්වත් යොමුකළ බවක් පෙනෙන්නට නොතිබින.
දැනට ඇමෙරිකානු ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රුපියල් 152 දක්වා වැඩිවිම තුළ ඉහත දේශිය ව්‍යාපාරිකයා අදවන විට යනඑන මං නැති තත්වයකට පත්වෙමින් සිටිති. එය රුපියල් 170 දක්වා වැඩි වුවහොත් ලංකාව තුළ තොග සහ සිල්ලර වෙළඳාම් කිරීමේ හැකියාව ඉන්දියානු ආයෝජකයින්ට හෝ චීන ආයෝජකයින්ට හෝ වෙනත් රටක ආයෝජකයින්ට හෝ පමණක් කළ හැකි දෙයක් වීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. එසේත් නැතහොත් විදේශීය කුඩා තොග සහ සිල්ලර වෙළෙන්ඳාට ද අප රටෙහි ආයෝජනය කිරිමට එන්නැයි ආයාචනය කරන්නට වන දිනය වැඩි ඈතක නො වේ. දැනටමත් රජය ඒ සඳහා යම් නීතියක් සකසා ඇති බවද පැවසේ.
අප දන්නා පරිදි ලංකාවේ දී ලබා දෙන අධ්‍යාපනය තුළ විදේශීය නිර්මාණ සමඟ තරඟ කළ හැකි නිර්මාණශීලී ශීල්පීය දක්ෂතා ඇති පුද්ගලයෙකු නිර්මාණය නොවන පසුබිමක ලෝකයා සමඟ තරඟ කළ හැකි තරඟකාරී නිශ්පාදන ක්‍රියාවලියන් සිදුකළ හැකි පිරිස් ජනග්‍රහන අනුපාතය අනුව ඉතාමත්ම අල්ප මට්ටමක පවතී. එවන් පසුබිමක අප රට අපනයන (Export) වෙළඳාමෙන් උපයාගන්නා විදේශ විනිමය ඉතා අල්ප මට්ටමක පවති. එබැවින් ලංකාව විදේශ විනිමය වැඩිපුරම උපයන මාර්ගය බවට පත්ව ඇත්තේ විදේශ සේවා නියුක්තියන් ලංකාවට එවන්නා වූ ඩොලර්ය. ඊට අමතරව ඇඟළුම් කර්මාන්තය හරහා සැලකිය යුතු විදේශ විනිමයක් උපයන බව ද කියැවේ. එවන් පසුමිමක පසුගිය රජය සමයේ උද්දමනය පාලනය කරගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් සහිතව විශාල පිරිසක් අතමිත ඇති පිරිස් බවට පත්වෙමින් සිටියේ කෙසේද? එය ඉතා වැදගත් ප්රශ්නයකි.
ඉහත ප්‍රශ්නයට පිළිතුරු දිමට ප්‍රථම යහපාලන ආන්ඩුව බලයට පත් වූ විගස රුපියල බාල්දු කිරීමට ක්‍රියාකළ සැබෑ හේතුව මදක් විමසා බලමු. බටහිර රටවල් ස්වෝත්සායෙන් නැඟී සිටින රටවල් තමන්ගේ අනසකට ගැනීම සඳහා ඇඟළුම් කැරට අල ෆැන්ටසිය ලෝකය පිළිබඳව අවබෝධයක් නොමැති එම රටවල සිටින දේශපාලකයින් වෙත දිඟුකරන් බව මෙහි දී විශේෂයෙන් මතක් කළ යුතු කරුණකි. ඔවුන් මේ සඳහා අප රට තුළින් තොරාගත්තේ 80 දශකයේ මානසිකත්වකින් පෙළෙන රනිල් සහ පිරිසය. එය එසේ බව මෙම ලිපිය අවසානයේ ඔබට වැටහෙනු ඇත.
යහපාලකයින් බලය ලබාගැනීමට ජනාතව මත තැබු පොරොන්දු අතර ඩොලරය අවප්‍රමාණය විමට සලසවන බව කියැවිණ. එය ඝෘජුව කළ ප්‍රකාශයක් නොවූවද GSP Plus ලබා ගැනීම තුළින් ඇඟළුම් කර්මාන්තය නැවත නඟා සිටුවනවා යැයි රනිල් ප්රමුඛ යහපාලකයින් ගෙන ගිය ප්‍රචාරය හරහා එවැන්නක් සිදුවන බව වටහාගත යුතුව තිබිණ. එහෙත් එවැනි විඤ්ඤාණයක් බහුතර අප රටවැසියා තුළ නොමැත. එයට හේතුව බටහිරට ගැතිව සිතීම සඳහා සකසා ඇති අපගේ අධ්‍යාපන ක්‍රමය යැ යි පැවසීම බොරුවක් නො වේ.
බටහිර රටවලට ඇඟළුම් අපනයන කිරීමේ දී ඩොලරය සෑම විටම මහේෂාක්‍යය ලීලාවෙන් වැජබිය යුතුය. එනම්, බටහිර රටවල සිදුවන උද්ධමනය කෙළින්ම අප විසින් බාරගැනීම තුළින් එම තත්වය ඩොලරයට ලබා දිය යුතුය. මෙය කෙටියෙන් පහදනවා නම් මෙසේය. ඩොලරය රුපියල් 132ක් වනවිට අපගේ අඟළුම් සේවිකාවකගේ සාමාන්‍ය වැටුප රුපියල් 26,400ක් යැයි උපකල්පනය කරමු. රුපියල් 26,400ක් යනු ඩොලර් 200කි. එනම් අපගේ ඇඟළුම් සේවිකාවකගේ සාමාන්‍ය මාසික වැටුප ඩොලර් 200කි. දැන් ඩොලරය රුපියල් 152 වනවිට අපගේ ඇඟළුම් සේවිකාවකගේ සාමාන්‍ය වැටුප රුපියල් 30,400 ක් (132x200= 30,400) විය යුතුය. එය රුපියල් 4000කින් වැඩි වීමකි. නමුත්, එය එසේ සිදු නො වේ. ඇත්ත වශයෙන්ම පසුගිය අවුරුදු දෙකටම පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රුපියල් 2500ක් පමණකි. දැන් ඩොලරය රුපියල් 152ක් දක්වා වැඩිවීම තුළ ඇඟළුම් සේවිකාවකගේ සාමන්‍ය වැටුප රුපියල් 26,400+2500= රුපි 28,900ක් වී ඇත. එනම් දැන ඇයට ගෙවන ඩොලර් ප්‍රමානය 28,900/152= 190 කි. කලින් ඩොලර් 200ක් වූ වැටුප දැන් ඩොලර් 190 දක්වා පහත වැටී ඇත්තේ බටහිර රටවල වන උද්ධමනය අප විසින් බාරගැනීම නිසාවෙනි. එය ඔවුන්ගේම වචනවලින් කිවහොත් බටහිර රටවල වන උද්ධමනය අපි ඇඟළුම් ෆැටැසිය වෙනුවෙන් කොන්දේසි විරහිතව අපේ රටට රැගෙන විත් ඇත. එකල ඩොලර් 200ක වැටුපකින් මිල දී ගත් භාන්ඩ හා සේවා මෙකළ අධික උද්දමනයක් තුළ ඩොලර් 190ක් දක්වා අඩුවීමෙන් කෙසේ නම් මිල දී ගන්නේද? උද්දමනය වැඩිවීම තුළ හාල් පොල් යන සියල්ලේම මිල අධික ලෙස වැඩි වී ඇත. යහපාලනයේ අධික බදු ගැසීම සහ උද්ධමනයේ වක්‍ර ප්‍රතිඵල හේතුවෙන් සියලූම භාණ්ඩ හා සේවා කළින් තිබු මිල ගණන්වලට වඩා අධික ලෙස වැඩි වී ඇත. එම නිසාවෙන් කලින් රුපියල් 26,400 කින් මිල දී ගත් භාණ්ඩ හා සේවා දැන් රුපියල් 30,400 කින්වත් මිල දී ගත නොහැකි යැයි ප්‍රකාශ කිරීම අතිශෝක්තියක් නම් නො වේ.
දැන් යහපාලනයට තවත් ප්‍රශ්නයක් වේ. එනම්, පසුගිය පාලන කාලය තුල අපනයන (Export) වෙළඳාමට වඩා ආනයන (Import) වෙළඳාමෙන් විශාල රැකියා ප්‍රමාණයක් ලංකාව තුළ නිර්මාණය වී තිබිමයි. වෙනත් වචන වලින් පවසන්නේ නම් රැකියා උත්පාදනය අතින් ආනයන වෙළඳ පොළ විසින් අපනයන වෙළඳ පොළ අභිබවා තිබින. ආනයන වෙළඳ පොළේ රැකියා සුළභ වීම තුළ අපනයන වෙළඳ පොළේ වන කරදරකාරී රැකියාවන් වෙත තරුණ පරපුරේ යොමුවීම ඉතා පහත් මට්ටමක පැවතින. පසුගිය පාලන කාලය තුල ආනයන වෙළඳ ක්‍රියාවලිය තුළ උපරිම ව්‍යවසායකයින් පිරිසක් නිර්මානය වී තිබූ බව දත්ත අනුව ද පෙන්වා දිය හැකි කරුණකි. ඒ ඩොලරය රුපියල් 132 කට තිබූ වකවානුවයි.
කෙසේ හෝ නැවත ඇඟළුම් ක්ෂේත්රය නඟා සිිටුවීමට නම් රනිල් ප්රමුඛ යහපාලනයට මෙම ආනයන වෙළඳ පොළ හරහා නිර්මාණය වී තිබු රැකියා වෙළඳ පොළ විනාශ කිරීමේ අභිප්රායක් විය. විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා ඇඟළුම් ෆැන්ටැසිය තුළ එකල පීනමින් සිටියේ ය. ඔහු ඒ සඳහා කොන්දේසී විරහිතව පෙනීද සිටියේ ය.
ඇඟළුම් ෆැන්ටැසිය වෙනුවෙන් ඉහත බාධාව රනිල් ප්රමුඛ යහපාලනය විසින් ඉවත්කරීමට ගත් ක්‍රියාමාර්ග ඉහත ආනයන වෙළඳාම කඩා බිඳ දැමීම විය. ඒ ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය 152ක් කර ඇති පසුබිමක ආනයන භාණ්ඩ සඳහා අධික බදුක්රමයක්ද හදුන්වා දීමෙන් ආනයන භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යවමින් ආනයන තොග සහ සිල්ලර වෙළඳාම සීග්‍රයෙන් කඩා දැමීමයි. මෙම ක්‍රියාවලියෙන් විශාල රැකියා ව්යුක්තයක් රටතුළ ඕනෑ කමින්ම නිර්මාණය කිරීමට යහපාලනයේ උවමනාව විය. මෙසේ රැකියා අහිමිවන පිරිස් සඳහා ආයෝජන අවස්ථා මඟින් ඇතිකෙරෙන රැකියාවන් ලබාදීම අග්‍රාමාත්‍යවරයාගේ අභිප්‍රාය විය. ඔහු එම ප්‍රමාණය දශලක්ෂයක් යැයි ගණන්ද බලා තිබිණ.
මෙසේ රැකියා අහිමිවන තරුණ තරුණියන්ට විකල්පයක් ලෙස ඇඟළුම් රැකියා තෝරා ගැනිම එකම විකල්පය බවට පත්කිරීම ආණ්ඩුවට වන උවමනාව ඉන් සඵල කරගැනීමට හැකි බව ඔවුන් දැන සිටියහ. අදවනවිට කොළඹ කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන ආනයන තොග සහ සිල්ලර වෙළඳාම විශාල ලෙස අඩපණ කෙරි ඇත. ඉතා ජනාකීර්ණව පැවැති කොළඹ නගරයේ තොග සහ සිල්ලර වෙළදාම උදය වරුවට පමණක් සීමා වී ඇත. සවස එකෙන් පසුව කොළඹ එකම පාළු සොහොන්බිමකි. මෙම යුරෝපීය ඇඟලුම් කර්මාන්ත වෙළඳ පොළ වෙනුවෙන් ලංකාවේ රැකියා වෙළඳ පොළ උඩුයටිකුරු කිරීමට එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුනේ ද නිහඬ සහයෝගය හිමි වූ බව ප්‍රසිද්ධ රහසකි.
යුරෝපයේ ඇඟළුම් අපනයන වෙළඳාම වෙනුවෙන් ලංකාවේ සම්ප්‍රදායික ආනයන ව්‍යාපාරිකයින්ගේ අනාගතය අදවන විට නන්නත්තාර කර ඇති බව කොළඹට පැමිණෙන සැවොම අද්දකින කටුක අද්දැකීමකි. අද සොහොන් පිටියක්ව ඇති මෙම ප්‍රදේශවල වැඩිපුරම සිටින ව්‍යාපාරීකයෝ වන්නේ ද කැපුවත් කොළ යන න්‍යායට අනුව යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවීමට දරදිය ඇද්ද සහ අදින ව්‍යාපාරිකයෝ ය. කෙසේ හෝ මෙම සියළු පවාදිම් කළ ආණඩුව ඇඟළුම් කර්මාන්තය තවදුරටත් කිසිසේත්ම දියුණු කළ නොහැකි රට රටවල් අතර පවතින ඉතා තරඟතාරී ව්‍යාපාරයක් බව වටහා ගෙන ඇත. මේ සියලු විනාශයන් කළ පසුව මෙම ආණ්ඩුවේ උපදේශකයින් විසින් අඟලුම් කර්මාන්තය තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි කර්මාන්තයක් බව පසුගිය දා ප්‍රකාශ කරන ලදී. වෛරය ජීවය කරගත් රෝසමල් විමුක්තිකාමීන් ප්රමුඛ යහපාලන නඩයට ලෝකයක් තේරුම් ගැනීමට රටක් ලෙල්ලටම වැට්ටවීමට සිදුවිය. අප රට පසුගිය සියවස් කිහිපයක් තුළ අද්දකින කටුක අද්දැකීම වන්නේ ද මෙම රෝසමල් විමුකතිකාමීන්ගේ කුහකත්වය යි. . එය අදටත් මෙම භූමීයේ නැවත නැවතත් ඔවුන් විසින් සිදුකරමින් සිටිති.
ඔවුන්ගේ ම අවාසනාවට ඇඟළුම් සහ විදේශය ආයෝජන ෆැන්ටැසිය වෙනුවෙන් මෙවර මොවුන් වැඩිපුරම සෙල්ලම්කර අත්තේ තමන් සමඟිනි. එනම්, මෙවර මෙම සෙල්ලමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට බයින් ඇන්ඩ් සෙලින් පමණක් දන්නා කැපුවත් කොළ මුස්ලිම් යූ.ඇන්.පී. කාරයා ද, බයින් ඇන්ඩ් සෙලින් පමණක් දන්නා කැපුවත් කොළ දෙමළා ද, බයින් ඇන්ඩ් සෙලින් පමණක් දන්නා ඕල්කඩ් බෞද්ධ යූ.ඇන්.පී. කාරයාද,....Etc නන්නත්තාරවන දිනය වැඩි ඈතක නොවන බව පෙනේ.
මේ සියල්ල සිදුකළ යහපාලන ආණ්ඩුවේ වගකිවයුත්තන් වන අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමැතිවරයා කිසිදු ගානක් නොමැතිව තමන්ට නොවේ යැයි අඟවමින් සහ වහසිබස් දොඩවමින් පසුවීම පුදුමය දනවන කරුණකි. තරුණ තරුණියන්ගේ සෙල්ෆී ඡායාරුප තරඟයක් පවත්වන බව මෑතකදී ප්‍රසිද්ධ වේදීකාවක දී අග්‍රාමාත්‍යවරයා කර තිබූ ප්‍රකාශයෙන් ඔහුගේ මෙම මායින් නොකිරීම මනාව ඔප්පු වේ.
- යූ. ඩී.
සිතල වෙලා ගියා මේක කියෙව්වම .මේ ඇත්ත ලංකාවේ කි දෙනෙක්ද දන්නේ ...
RispondiElimina