venerdì 22 luglio 2016

ගොන්ජට නොදෙවෙනි සන්නා

ගොන්ජට නොදෙවෙනි සන්නා


මම මේ සටහන තබන්න ප්‍රධාන හේතුව sirilankawa යන Facebook ගිනුම ඔස්සේ සිදුවන විකෘති කාමුක හැඟුම් පතුරවන්නට යම් පිළිතුරක් දිය යුතු යැයි පහළ වූ සිතුවිල්ලයි.

2016-07-22 දින මගේ Facebook ගිනුමට මෙම https://youtu.be/t05PGHcQMYY විඩියෝව ශේයා වෙලා තිබුන. එහි තිබෙන්නේ පහතින් දැක්වෙන ගීතයට සන්නස්ගල කියන ගොබිලා සපයන විවරනයයි.

එම වියරණයට විරෝධයක් දැවීම පිනිස පහතින් දැක්වෙන මගේ Comment එක මම පළ කළා. ඒත් ටිකකින් නැවත බලනකොට මගේ ඒ කොම්මන්ට් එක උන් මකලා.

Sirilankawa කියන විකෘති ගිණුම සන්නස්ගලගෙම එකකද දන්නේ නැහැ.

මේ තියෙන්නේ ඒ මකපු කොම්මන්ට් එකියි. කවුරු හරි මේක කියවන වැදගතෙක් මේක බලලා තීරණය කරන්න කවුද හරි කවුද වැරැදි කියලා.

.............................මගේ කොම්මන්ට් එක........................................................

මේ සන්නස්ගලයා ගොන්ජා දෙක කිව්වොත් වරදක් නැහැ.
මේ සිංදුවෙන් කියැවෙන අර්ථය සම්පූර්නයෙන්ම විකෘති කරලයි මේ ගොබිලා ඉදිරිපත් කරන්නේ..
මේ සිංදුවෙන් කියවෙන දේ ගොඩාක් අයට පැහැදිළිවන දෙයක්.
ඊනියා ලිංගිකත්වයක්  ගැන කියලා මේ ගොබිලා ලොකු බොරුවක් කරනවා.

සන්නස්ගල කියන ලිංගිත්වය කියන්නේ මොකද්ද? මිනිහා කියන ලිංගිකත්වය කියන එකේ තේරුම මොකද්ද කියලා සන්නස්ගලම තමයි ඉතිං දන්නේ.

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හිමින් රහසින් මුමුණා
හඳ පානේ මද අඳුරේ
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

මේ සිංදුවේ සන්නස්ගල කියන ආකාරයේ වල්ම වල් ශුංගාරත්මක සංගීතයක් නැහැ.
මෙහි ශෝකය ගැබ්වුන ආදරනීය එක්වීමක් ගැන කියවෙනවා.
මෙම ගීතයෙන් කියවෙන්නේ ඔවුන්ගේ කැමැත්තට විවාහ වීමට නොහැකි වූ එහෙත් (ඇතැම්විට දෙමාපියන් ගේ කැමැත්තට ඉඩ දී) වෙනත් පුරුෂයෙකු හා ස්ත්‍රීයක් විවාහකරගත් පෙම් යුවලක් ගැනයි.
මෙම දෙදෙනා වෙනත් අය සමඟ විවාහ වුනාට ඔවුන්ගේ ආදර සම්බන්ධය තවමත් පවතිනවා.
මෙහි ඔබ ඔබේ සෙවනැල්ලෙන් මිදි මම මගේ සෙවනැල්ලෙන් මිදි යන්නෙක් කියවෙන්නේ එයයි.
එනම්, දෙදෙනාගේ විවාහක සහකාරිය සහ සහකරුවට හොරෙන් රත්‍රීයේ දී ඔවුන් හොරෙන් හමුවෙනවා.
මෙම විවාහක සහකරුවට සහ සහකාරියට තමයි ඔබේ සෙවනැල්ල සහ මගේ සෙවනැල්ල කියලා කියන්නේ.
එහෙම හමුවෙලා හැඟීම් වලට පමණක් ඉඩ දෙන ආදරයක් ගැන මෙහි කියවෙන්නේ නැහැ. ඔවුන් අත් පටලාගෙන ඉස්සර ආදරේ කලා සේ හඳපානෙත් ඇවිදිනවා.

මොවුන් දෙදෙනා දැඩි ආදරයෙන් සිටින දෙන්නෙක් බව මතු ආත්මයේදීවත් ඔවුන්ට එකතු වීමට හැකිවේ යැයි යන පැතුමින් ඉතාමත් ශෝකයෙන් පාන්දරින් වෙන්වෙලා යාමෙන් කියැවෙනවා.

මොවුන් රාත්‍රී කාලයේ තමයි හමුවෙන්නේ. ඇතැම්විට මෙම සතර දෙනො එකම නිවසක ඉන්න අය වෙන්නත් පුළුවන්. මෙහි තරමින් වියතක් කියන්නේ ලැබෙන අවකාශයෙන් බිදක්  කියන එකයි.
ඔවුන්ගේ විවාහක සහකරු සහ සහකාරියට ඉතා රහසින් එකම නිවසක මෙම ආදර කථාව ගලාගෙන යනවා වෙන්නත් පුළුවන්. එසේ නොවුනා නම් මෙහි කියවෙන රාත්‍රී කාලයේ හමුවීම ඉතා අපහසු වෙන්න තිබුණා. රාත්‍රී කාලයේ ඔවුන් මුනගැසෙන්නේ එකම නිවසක ඉන්න නිසා කියලා හිතන්න පුළුවන්.

මෙම සිංදුව අවසන් වෙන්නේ ‘හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ‘ යන්නෙන්.
එනම් අයේත් දිගින් දිගටම රාත්‍රී කාලයේ මොවුන් නිතරම මේ වාගේ හම්බවෙලා ආදරෙන් බැදෙනවා.

මේකේ සන්නස්ගල කියනවා වගේ ඇන්නා පැන්නා කතාවක් කොහෙත්ම කියවෙන්නේ නැහැ.

සන්නස්ගල වියතට සහ සෙවනැල්ලට දෙන අර්ථකතනය කොන්ඩයා සේයාව මරපු හැටි ගොන්ජා කියපු කථාවට දෙවැනි නැහැ.